JDS Sinhala

'ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සඳහා ශ්‍රී ලංකාව ආරක්‍ෂක මණ්ඩලයට යොමු කරන්න'

යුද සමයේ සිදුකරන ලද බරපතල අපරාධ පිළිබඳ පූර්ණ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශනයකට ඉඩ සළසනු වස් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය වෙත යොමුකරන ලෙස උතුරු සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන පූජක ප්‍රජාවේ නියෝජිත පිරිසක් විසින්......

අන්තරයේ ශිෂ්‍ය භික්ෂූන් පස් දෙනෙක් නැවතත් පොලිස් අපරාධ කොට්ඨාශයට

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පස් දෙනෙකුව අද දින නැවතත් කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශය හමුවට කැඳවමින් ප්‍රශ්න කරමින් සිටින බව එහි ප්‍රකාශකයෙකු විසින් JDS වෙත කියා සිටියේය. මෙසේ ප්‍රශ්න කිරීමට ලක් කොට.............

'දෙමළ ජන ගැටළුවල බරපතලකම වැටහුණේ උතුරේ ජීවත් වීමෙනුයි' - සී.වී. විග්නේස්වරන්

උතුරේ ජීවත් වුණු පසුගිය වසර එක හමාරක කාලය තුළ දෙමළ ජනයා මුහුණ දෙමින් තිබෙන ප්‍රශ්නයේ යථාර්ථය වඩාත් හොඳින් අවබෝධ කරගත් බැවින් දෙමළ ජන සංහාරය ගැන විවෘතවම කටයුතු කිරීමට තමන් පෙළඹුණු බව උතුරු පළාත්......

'නව මැතිවරණ ක්‍රමයට අපි විරුද්ධයි' දෙමළ දේශපාලන පක්ෂ දෙකක් කියති

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පවතින මැතිවරණ ක්‍රමයට ඉදිරිපත්කර ඇති සංශෝධනයන්ට තමන් එක හෙළාම විරුද්ධ බව ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ දෙකක් ප්‍රකාශ කර සිටියි. යෝජිත මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දෙමළ දේශපාලන පක්ෂ දෙකක් ......

දෙමළ ජාතික ජනතා පෙරමුණේ අපේක්‍ෂකයන්ට බුද්ධි අංශ තර්ජන

මැතිවරණය සඳහා උතුරු පළාතෙන් නාම යෝජනා භාර දී ඇති දෙමළ ජාතික අපේක්‍ෂකයන් දෙදෙනෙකු බුද්ධි අංශ නිලධාරීන්ගේ ප්‍රශ්නකිරීම්වලට භාජනය කෙරී තිබේ. වන්නි දිස්ත්‍රික්කය සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණෙන් තරඟ වදින ඔවුන්ගේ නිවෙස්වලට......

මාධ්‍ය සාකච්ඡාවට පසු වන්නි වෛද්‍යවරුන්ට හමුදා බුද්ධි අංශයෙන් KFC කුකුළු මස් සංග්‍රහයක්

අත් අඩංගුවේ තබාගෙන සිටි තමා ඇතුළු වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන්, ප්‍රශ්න හා පිළිතුරු කලින් සැළසුම් කොට පවත්වන ලද ව්‍යාජ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසු හමුදා බුද්ධි අංශ නිලධාරීන් තමන් 'කෙන්ටකි ෆ්‍රයිඩ් චිකන්' අවන්හලට කැටුව.....

අලුත්ගම මුස්ලිම් විරෝධී ප්‍රහාරවලට ගොදුරුවූවන්ට තවමත් වන්දි නැහැ

පසුගිය වසරේ මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින් අලුත්ගම හා බේරුවල ප්‍රදේශ ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියාවන්ට වගකිව යුත්තන් පිළිබඳව සොයා බැලීමට ස්වාධීන විමර්ශනයක අවශ්‍යතාවය මුස්ලිම් සාම කවුන්සලය අවධාරණය කර සිටියි. ඉකුත් වසරේ ජුනි 15 වැනිදා සිදුවූ මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව....

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.