JDS Sinhala




ධර්මරත්නම් සිවරාම් (1949 - 2005)

කෙබඳු හදක ද ගැස්ම සිඳුණේ
කෙබඳු නැණ පහනක් ද නිවුණේ

 

JDS සංස්කාරක මණ්ඩලය


ක් දහස් නවසිය පනස් නවයේ අගෝස්තු එකළොස් වැනිදා මඩකළපුවේ දී උපන් ධර්මරත්නම් සිවරාම් එයින් හතළිස් පස් වසරකට පසු මහ රැයක දී කොළඹ දී පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කරන ලදී. ඔහුගේ මරණය, අප සියල්ලන්  විචාරශීලීත්වයෙන් පිරිහෙළා, ප්‍රඥාවෙන් දිළින්දන් කොට දැමීය.

ඇත්ත නම්, සංග්‍රාම හා දේශපාලන විද්‍යාව, උපාය මාර්ගික අධ්‍යයන හා භූ දේශපාලනය පිළිබඳව මෙන්ම බටහිර දර්ශනවාදය, සමාජ විද්‍යාවන් හා සාහිත්‍ය පිළිබඳවත්, ඉතිහාසය හා දෙමළ භාෂාව විෂයෙහිත් සිවරාම් හා සම කළ හැකි ප‍්‍රමාණික බුද්ධිමතුන් මෑතකාලීන ලංකාවේ විරල බව ය.

සිවරාම් ඝාතනයට දස වසක් සම්පූර්ණ වූ 2015 වසරේදී, ඔහු විසින් ලියන ලද ලිපි කිහිපයක සිංහල පරිවර්තනයන් මෙන්ම ඔහුගේ ජීවිතය සහ විශ්ලේෂණාත්මක භාවිතාව ස්මරණය කරන ලිපි මාලාවක් JDS හි පළ කිරීමට අප සැළසුම් කරන ලද්දේ ප්‍රායෝගික සටන්කරුවෙකු, කෘතහස්ත හා දීප්තිමත් විශ්ලේෂකයෙකු මෙන්ම සරල  කුළුපග මිතුරෙකු පිළිබඳ වියැකී නොයන සදාතනික මතකය වෙනුවෙනි.☐

2015

2015.04.28    ධර්මරත්නම් සිවරාම්: විප්ලවකාරී දිවි සැරිය පිළිබඳ කෙටි සටහනක්


2015.04.29    ධර්මරත්නම් සිවරාම්: රාමා සහ සීතාගේ නෑකම ඇසීම නොහොත් සිංහල ජාතික මනස


2015.04.30    ධර්මරත්නම් සිවරාම්: සන්සුන් චින්තකයෙකුගේ නික්ම යාම


 2015.05.02    ධර්මරත්නම් සිවරාම්: දෙමළ අරගලය සහ භූ දේශපාලන බල රටා


 2015.05.04     ධර්මරත්නම් සිවරාම්: දුර්ලභ කැරිස්මාවක් සහිත මිනිසෙක්


2015.05.06    ධර්මරත්නම් සිවරාම්: ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද උපාය මාර්ගික අභිලාෂයන් - I


2015.05.08    'සිවරාම් අහිමිවීම පිරවිය නොහැකි හිදැසක්' - Tamil Net සංස්කාරක ජෙයචන්ද්‍රන්


2015.05.11    ධර්මරත්නම් සිවරාම්: ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද උපාය මාර්ගික අභිලාෂයන් - II


2016

2016.05.02  ‘ධර්මරත්නම් සිවරාම් ඝාතනයෙන් අපේ බුද්ධිමය ලෝකය දුබල විණ’


2018 

2018.04.30   ධර්මරත්නම් සිවරාම්: ඒකීය රාජ්‍යය කාගේ උරුමයක්ද?


2020

2020.04.29  ධර්මරත්නම් සිවරාම්: 'අප්පා මියගියේ ඔහු වඩාත් පෙම්කළ යුක්තිය පිළිබඳ සටනේදී ය'

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.