JDS Sinhala




1983 ළු ජූලිය:

අවිචාර සමයක් පිළිබඳ
සිද්ධිමය සහ දේශපාලනික පුනරාවලෝකනයක්

 

JDS සංස්කාරක මණ්ඩලය


ක් දහස් නවසිය අසූ තුනේ  'කළු ජූලිය'ට දැන් දශක තුනකට වැඩි කලක් සම්පූර්ණ වී තිබේ. ජූලි මාසයේ සතියක් ඇතුළත තුන් දහසක් දෙමළ ජනයා මහමඟ මරා දැමූ ඒ අවිචාර දවස් පිළිබඳ සිංහල ජනයා අතර තිස් වසකින් පසුව පවා ඇති සාකච්ඡාවන් විසින් ගැඹුරු සාමූහික පශ්චාත්තාපයක් පරාවර්ථනය නොකරයි. මියගිය සංඛ්‍යාවන් තුන් දහසට අඩුයැයි කීමෙන්ද, සංහාරයට වගකිව යුත්තේ බලයේ සිටි ආණ්ඩුවේ අතළොස්සක් ආධාරකරුවන් විසින් යැයි කීමෙන්ද, දෙමළුන් බේරාගත් සිංහල ගැළවුම්කරුවන්ගේ කතා අනුහස් ගන්වා ගීතයටත්, කවියටත්, සිනමාවටත්,  රූපවාහිනී කතා මාලාවන්ටත් නැඟීමෙන්ද ජූලි සංහාරයේ සදාචාර වගකීම පිසදා පලායාමේ යාන්ත්‍රණයක් දැන් අපි තනාගෙන ඇත්තෙමු.

කළු ජූලිය ගැන දැන් ඇත්තේ 'අසරණ දෙමළුන්' සහ ඔවුන‍් රැකබලා ගත් 'යහපත් සිංහලයන්' පිළිබඳ කතාවකි. ප්‍රහාරකයා වාර්ගික අනන්‍යතාවක් නැති හිටි අඩියේ ප්‍රාදූර්භූතව මැකී ගිය අධාර්මික නිර්නාමිකයෙකි.

අපරාධ සහායකයන්ගේ වංචනික පරිකල්පනාවන් දැන් 'ඉතිහාසය' මෙන් වෙස් ගන්වා තිබේ.  මෙම ලිපි පෙළ ඒ ප්‍රබන්ධයන්ට එරෙහි කැරැල්ලකි.

2015

2015.07.27    '83 කළු ජූලිය: ‘ගිනිබත් නගර වීදි ඔස්සේ විනාශය නරඹමින් මම ඇවිද ගියෙමි’


2015.07.28    '83 කළු ජූලිය: ‘දැන් කළ හැක්කේ මනුෂ්‍යත්වය යළි එන තෙක් බලා හිඳීම පමණි’


2015.07.29    '83 කළු ජූලිය: 'සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමට වේදිකා සහ ආලෝක දහරා ඇවැසි නොවේ'


2015.07.30   '83 ජූලි: 'ඉක්බිති රාමනාදන්ගේ දියණිය ඇගේම නිවසට ගිනි තැබුවාය'



2016

2016.08.17    ජූලි මාසයේදී බ්‍රිටන් ගාඩ්න් මැදුර සමූහ චිතකයක් වී දැවුණේය



2017

2017.07.24   මිනිස් ලේ වැකි දවස්: 'නිරුවතින් ඇවිද යන මට ඔවුහු පා පහර දුන්හ‍‍'


2017.08.10   මිනිස් ලේ වැකි දවස්: 'සොල්දාදුවෝ අප පෙළට සිටුවා කුරුමාණම් ඇල්ලූහ‍'


 

2018

2018.07.24   1983 කළු ජූලිය: දෙමළ විරෝධී හිංසනය හා ගාන්ධියම් ව්‍යාපාරයේ නැගීම -I


2018.07.26   1983 කළු ජූලිය: ගාන්ධියම් ව්‍යාපාරයට එරෙහි මර්දනය ඇරඹේ - II


2018.07.30  1983 කළු ජූලිය: 'සිර කුටිය තුළ හතර ගාතයෙන් යාමට රාජසුන්දරම්ට නියම විය' - III


2018. 08.01 1983 කළු ජූලිය: සිංහල සිරකරුවෝ ඇද වැටුණු රාජසුන්දරම්ට මැරෙන තුරු පහර දුන්හ - IV



 

 

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.