JDS Sinhala

හේ බෑ රෝගියෙක්

මත් බමරෙක්ය
හේ බෑ
ගිලන් ඇඳ මත්තේ.,

මා සිතා සිටියේ
ඒ කුඩා කුටියේ
නාරි රූ අලවා ඇතැයි
හිඩැස් නොතබාම කිටි කිටියේ

නිහඬ ඝාතකයා

මුනිවතිනි ඔහු, එ නිසා මම ද.
ලෙමන් මුසු තේ
ඔහු සෙමෙන් තොලගායි,
මා කෝපි බොන අතර.
එ පමණකි වෙනස, ඔව්, අප අතර.

වේටරවරයාගෙන් ඔහු යමක් විමසයි.
වේටරවරයාගෙන් මම යමක් විමසමි.... 

අනන්ත වූ ශෝකයේ කාව්‍යය

කව් අතර සෝ බරම කව
ලිවිය හැක මට අද රැයේදී
අනන්ත වූ ඈත සිට
නිල්වනින් දිලිදිලි සැලෙන
තරු සපිරි රැයක් ගැන
ලියන්නට හැකිය මට
නිශාවේ මාරුතය
අහස තුළ සුළි නගයි ගී ගයයි

මගේ මාතෘභූමිය

ළමා කළ මනඃකල්පිතයන්ගේ
කැබැලිති අතර
කිසිවක්ම සිදුවෙතැයි
මට බැරෑරුම් ලෙස නොපෙනෙන
මගේ මාතෘ භූමිය මත මම  ඇවිද යමි
ක්‍රිස්තු වර්ෂ අතර
මා ඇදගෙන යනු ලැබූවෙන්
මම විඩාපත් වී සිටිමි

කාල රේඛාව

සුනම්‍යව පැවැති කාල රේඛාව
බිඳී ඉහිරී
'යමි' යි සිතාගෙන
කඳු මුදුන්, සාගර පතුල් පිරික්සුවද
කිසිවකු මා භාර නොගනී

පැටි වියේ පටන්, ඒ එලෙසම ය
'කිසිවකු ඔබව භාර නොගනී'

කරගැට තියෙන ගැහැනියක්

උභයාන්සික මෙහෙණියක්
කරගැට තියෙන ගැහැනියක්
උමතුවට පත් වෙච්ච දාසියක්
ඌරූවිසි කුලේ උලීක්කාරියක්

ඌණ සංවර්ධිත
උල්කාපාත වූ තරුවක
උප ග්‍රහයන් රොත්තක

නිවාඩුව

කලකට වරක් සති අන්තයක් පැමිණෙයි
ඉර හඳ තරු නොපායන
සිතුවිලි ගාල්කර දුම්රිය මැදිරියක
තබා හදවත කඳු පාමුල
දුම්රිය ගාටයි කඳු මුදුන් නගරයට

කවුලුවෙන් හොර හොරෙන් එබෙන්නෙම
මට ඔච්චම් කරන්නද ඉද්ද මල් සුවද?

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.