JDS Sinhala

රොහින්ග්‍යානුවන් හා අප

මාගේ දෙවියනි!
අත් හළෙමි මම මගේ  දරුවා
සමා අයැදිය නොහැක ඔබගෙන්
ඉදින් මින්මතු.

දරුවා ඝාතනය කරන්නට
මිනිත්තු  තුනකට මත්තෙන්
ඔබ, මගේ  අත් කපා දැමී ය. 

කෙටිකතාව: වසන්තයට පෙර

රැහැයියන්ගේ කෑගැහිල්ලයි, අඳුරයි ටිකෙන් ටික වැඩිවෙන්න පටන්ගත්තා. ඒත් පාර අයිනේ තියෙන ලයිට් කණුව තවමත්  හොඳට පේනවා. ලයිට් කණුව ළඟ නවත්තලා තිබුණ වාහනේ වීදුරු තරම් කොහොමටත් කළුවර නෑ. ඉර පේන්න තිබුණේ නෑ. ලා රතු පාට වළාකුළු ටිකක් වෙලා තිබුණ අහසෙ කොණක. ‍'ලේ ඊට....

පීඩිතයෝ

බල්ලෙකු මිලට ගැනීමට මැක්කෝ සිහින දකිති
බඳුන් පිරෙන්නට වාසනාවේ වැසි වැටෙතැයි
පීඩිතයෝ සිහින දකිති

එහෙත් වාසනාවේ වැසි නම් නොවැටෙයි
ඊයේ නොවේ අද, හෙට, අනිද්දා කවදාවත්
කෙතරම් කෑ ගසා කැඳෙව්වත්

මළ කපුටෙක්

කුණු ගොඩේ
මළ කපුටෙකි
සවන සූරන, පාරන
වට අවට
මහ කපුටු සෙනඟකි

වකුටු නිය දරදඬුව
යොමුව ඇත අහසට

වීදුරු කවුළුවක් බිඳ

කවි වලින් හැඩිවෙන කුටියක
වීදුරු කවුළුවක් බිඳු​ණ​ම
මොන තරම් ලස්සනද?
පර්​යාය​කම් ගිළිහු​ණ​ විට
මොන මොන කවුළු තිබුණත්
ළඟ ළඟ එක පෙළට
මෙ කවුළුව අනුපම.
කෙඳිරිගානා සුළඟක් වුණත්

මුල්ලිවෛක්කාල් - මරණයේ බිම්කඩ

රුදුරු ගොර අතකින්
තියුණු මුවහත් සැතකින්
සිඳ දැමිණි ඒ නිදහස
වෙන් කර අපගේ දිවියෙන්
දෙවිවරු නිහඬ විය
ලෝකයම ගොළු විය.

මෙයයි ඒ සමුදුර- නැගී සිටි අප ගැටී උරෙනුර

ම්‍යු​ගේ සැමරුම් සුවඳක

සීත මීදුම් තිරපට
ලිහි ​ලිහී විසිරෙන
රිදී නිම්නය ඇහැරෙයි
ම්‍යුගේ සැමරුම්​ සුවඳට.....

වසන්තය එන බව
සීනුව ගසා කීවද
නිහතමානී සුවඳින්

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.