JDS Sinhala

කරගැට තියෙන ගැහැනියක්

 

භයාන්සික මෙහෙණියක්
කරගැට තියෙන ගැහැනියක්
උමතුවට පත් වෙච්ච දාසියක්
ඌරූවිසි කුලේ උලීක්කාරියක්

ඌණ සංවර්ධිත
උල්කාපාත වූ තරුවක
උප ග්‍රහයන් රොත්තක
සෞග්‍රහ මණ්ඩලයකි ඈ වට

මේ උප ග්‍රන්ථ පිරිවර
රැකගන්නන දත කන
මහපාර උදුලන
අක්කා නම් වෙල්ලම්මාම ය

දේවතා එලි නොතකන
ඔරායන් පන්තියෙන්
හත්දින්නත් තරු
රැකගන්න  වෙහෙසෙන

මෙහෙනිකම මොකටද
මහණකම්  ඉරුණු ඇඳුම ම
වෙහෙර ගිරි ඇරුනම
උස නෑ ඇයට කන්දම

තුත්තිරි වලට
නොරිදෙන්නට කොනිත්තන
උන්සිලි වාරමකි ඒ විසිකැති පාර

තුන් තිස් පැයේ
මද්දහනේ ගිනි ගහන
දවසක් බුදු වෙයන්
වෙල්ලම්මා දෙමළ

 

වජිර දීප්ති වීරකෝන්


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.