JDS Sinhala

කාල රේඛාව

 

සුනම්‍යව පැවැති කාල රේඛාව
බිඳී ඉහිරී

'යමි' යි සිතාගෙන
කඳු මුදුන්, සාගර පතුල් පිරික්සුවද
කිසිවකු මා භාර නොගනී

පැටි වියේ පටන්, ඒ එලෙසම ය
'කිසිවකු ඔබව භාර නොගනී'

මම මා තුළම ගිලෙමි
පටු මතක දෙබුක්කා තුළට වැදී
කුඩා එළියක් දල්වමි
ඒත්, මතකය ඔබව භාර නොගනී
කෲරත්වය උගන්නා තෙක්
කිසිවකු ඔබව භාර නොගනී

මෘදු තතු කියන්නට නතර වුණ අය
තැබූ විට හදවත තිබූ තැනට අත
අතැ'ර දුවාවි
පැටි වියේ පටන් එහෙමයි
'කිසිවකු ඔබව භාර නොගනී'

 

කාංචනා අමිලානි කරුණාමුනි


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.