JDS Sinhala

හේ බෑ රෝගියෙක්

 

ත් බමරෙක්ය
හේ බෑ
ගිලන් ඇඳ මත්තේ.,

මා සිතා සිටියේ
ඒ කුඩා කුටියේ
නාරි රූ අලවා ඇතැයි
හිඩැස් නොතබාම කිටි කිටියේ...

සුමිතුර,
ඔන්න මං ආවා
ඉඩ ලැබුණ හැටියේ.,

රේඛා..
පාරමී..
ඡායා..
කෝ ආවාද වල් කෙල්ලො කඩිමුඩියේ

“රේඛා ඇදවුණා
පාරමී පෑරුණා
ඡායා බොඳවුණා.,

වැදගත්ම දේ නොනැවතී ඉගිලුණා,

නම් මතක නෑ
තවත් අය ආවා ගියා.,

රෝමියෝ එක්ක රෝමයේ
සාජහන් එක්ක ටජ්මහලේ
ගල් ගැහී රාමුවක ඉසුරුමුණියේ
නතර වෙන එකමද ගෑනියෙක්ගේ ආදරේ?

ගෑනු ඔක්කොම එකයි
නම් විතරයි වෙනස්..
ආදරේ උතුරනව මේ කාමරේ!!"

 

ටිම්රාන් කීර්ති


© JDS



left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.