JDS Sinhala

පැහැරගත් දෙමළ තරුණයන් ගැන විමසන්නට නාවික හමුදා නීති අධ්‍යක්‍ෂ උසාවියට

වසර 07කට පමණ ඉහතදී දෙහිවල ප‍්‍රදේශයෙන් පැහැරගනු ලැබ, මෙතෙක් තොරතුරක් නැතිව සිටින දෙමළ තරුණයන් පස්දෙනකු සම්බන්ධ රහස් පොලිස් පරීක්‍ෂණවලට අවශ්‍ය සැකකරුවන් කටඋත්තර ගැනීම සඳහා මේ දක්වා බාරනොදීම සම්බන්ධයෙන්, ලබන...........

රතුපස්වල වෙඩි තැබීමට අණ දුන් නිලධාරියා තවමත් විදේශ දූත සේවයේ

පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාවට වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීමට අණදුන් හමුදා බි‍්‍රගේඩියර්වරයා තානාපති සේවයෙන් ආපසු කැඳවීමට කටයුතු කරන බව මහජන ආරක්‍ෂක ඇමැති ජෝන් අමරතුංග එම සිදුවීමට මුහුණ පෑ ජනතාව හමුවේ පොරොන්දු වුවද, අදාළ....

යුද්ධයෙන් විපතට පත් මන්නාරම් ජනයා යුක්තිය පතා උද්ඝෝෂණයේ

තමන් පීඩා විඳින ගැටළු කිහිපයකට විසඳුම් ඉල්ලා  යුද්ධයෙන් විපතට පත් මන්නාරමේ ජනයා සඳුදා (26) සාමකාමී උද්ඝෝෂණයක යෙදුනෝය. රජයේ හමුදා මගින් අතුරුදන් කරනු ලැබූ සිය දරුවන් හා ඥාතීන් පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙසත්, කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් නොමැතිව තවමත්  රඳවා ගෙන සිටින.....

පාපන්දු ක්‍රීඩා කළ 'වරදට' තිදරු පියෙකුට හමුදාවෙන් ප්‍රහාර

යාපනේදී  හමුදාව  කළ පහර දීමකින් බරපතල තුවාල ලැබූ තිදරු පියෙක් රෝහල් ගත කර තිබේ. ඌරනි රජයේ රෝහලේ ප්‍රතිකාර ලබන විසි නව හැවිරිදි සෙලවරජා ජෙගන් මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ පසුගිය දින (24) වඩමාරච්චි එල්ලාකුලම් යුධ හමුදා කඳවුර අසලදී ය. සිය මිතුරන් සමග කඳවුරට යාබද  පිටියේ......

ශිෂ්‍ය ක්‍රියාධරයන්ගේ මරණ ගැන 'අන්තරේ' සාධාරණ පරීක්‍ෂණයක් ඉල්ලයි

මීට දෙවසරකට පෙර අභිරහස් ලෙස මියගිය කැළණි හා රුහුණු  සරසවි ශිෂ්‍ය ක්‍රියාධරයන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් සත්‍යය හෙළිදරව් කරන ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නව ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. ඊයේ (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී  එහි කැඳවුම්කරු නජිත්......

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස කතෝලික පියවරු ඉල්ලති

නඩු නැතිව අවුරුදු ගණනාවක් තිස්සේ බන්ධනාගාර ගතකොට සිටින දහස් සංඛ්‍යාත දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස්කර හරින ලෙස උතුරේ කතෝලික පූජකවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සන්දේශයක් යවන යාපනය කතෝලික සභාවේ යුක්තිය හා.....

යාපනයේ හමුදාව අල්ලාගත් ඉඩම් ඉල්ලා උද්ඝෝෂණ

ජනතාවට අයත් ඉඩම් හමුදාවට පවරාදීමට එරෙහි උද්ඝෝෂණයක්  බදාදා  (21) යාපනේ ආන්නෛකෝට්ටෛ, කූලාවඩි ප්‍රදේශයේ දී  පැවැත්විණි.  කූලාවඩි හමුදා කඳවුර ඉදිරිපිට පැවැත්වූ  මේ උද්ඝෝෂණයට  එක්වුවන් කියා සිටියේ  සිය ඉඩම් රජයට පවරාගෙන ස්ථිර හමුදා කඳවුරු ඉදිකිරීමට කටයුතු කරමින්..............

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.