උතුරෙන් තවත් ඇට කටු හමුවේ; මන්නාරමින් සිරුරු 175ක්
- Post 12 October 2018
කිත්සිරි විජේසිංහ විසිනි
උතුරු පළාතේ විදුලි කණු සිටුවීම සඳහා වළවල් කණිමින් සිටි කම්කරුවන් පිරිසකට මිනිස් ඇටසැකිලි යැයි සැක කෙරෙන අස්ථි ශේෂයන් හමු වී තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලයේ කම්කරුවන් කණ්ඩායමක් විසින් බ්‍රහස්පතින්දා (11) පලාලි - අච්චුවේලි මාර්ගයේ විදුලි කණු සිටුවමින් සිටිය දී මෙම අස්ථි කොටස් හමු වී ඇත.
සැක කටයුතු ඇට කැබලි හමුවීම පිළිබඳ පුවත තහවුරු කළ පොලිසිය ප්‍රකාශ කර සිටියේ අදාළ ස්ථානයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව සැපයීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ය.
"මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාවත් අපි දැනුවත් කරලා තියෙනවා"යි නම හෙළි කිරීමට අකමැති වූ යාපනයේ පොලිස් නිලධාරියෙක් ජේඩීඑස් හා ප්‍රකාශ කළේය.
ඉන්දියානු මානව හිමිකම් නිරීක්‍ෂකයන්
මේ අතර මන්නාරමේ සමූහ මිනීවළෙහි කැණීම් සිදුකරමින් සිටින වෝහාරික විශේෂඥයන් විසින් මේ දක්වා සොයාගනු ලැබ ඇති මිනිස් ඇට සැකිලි සංඛ්‍යාව 175 දක්වා ඉහළ නැග ඇති අතර කැණීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඉන්දීය සරසවි ආචාර්යවරුන් හා නීතිවේදීන් පිරිසක් ද බදාදා දිනයේ එහි ගොස් සිටියහ.
මේ දක්වා සොයාගනු ලැබ ඇති ඇටසැකිලිවලින් 14ක් බාල වයස්කාර ළමුන්ට අයත් බවට සැළකේ.
කැණීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මන්නාරම මහේස්ත්‍රාත් ටී සරවනරාජ්ගේ අවසරය ඇතිව තමිල්නාඩුවේ 'පීපල්ස් වොච්' මානව හිමිකම් සංවිධානයට සම්බන්ධ වෘත්තිකයන් පස් දෙනකු සහභාගී වූ බව ප්‍රධාන වෝහාරික පරීක්‍ෂණ නිලධාරී වෛද්‍ය සමින්ද රාජපක්ෂ ජේඩීඑස් හා ප්‍රකාශ කළේය.
මදුරාසි සරසවියේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය රාමු මනිවන්නන් ද ඉන්දීය මානව හිමිකම් නියෝජිත කණ්ඩායමට ඇතුළත්ව සිටියි.
ඉකුත් මැයි මාසයේදී මාන්නාරමේ සතොස ගබඩා පරිශ්‍රයෙන් හමු වූ සමූහ මිනීවළෙන් සොයාගන්නා ලද අස්ථි ශේෂයන්ගේ සාම්පල කාල නීර්ණය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ වෝහාරික පර්යේෂණාගාරයක් වෙත යොමුකිරීමට නියමිතව තිබේ.
"ඉදිරි සති දෙක ඇතුළතදී මේ සඳහා අවශ්‍ය අධිකරණ අවසරය ලැබේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා'යි වෛද්‍ය රාජපක්ෂ ජේඩීඑස් හා කියා සිටියේය.☐
© JDS
සබැඳි පුවත්:
14.06.2018 මන්නාරමේ සමූහ මිනීවළෙන් මළ සිරුරු දහයක ඇට කැබලි මතු වෙයි
27.06.2018 ළමා ඇට සැකිළි මතුවු මන්නාරම සමුහ මිනීවළ වසා දැමීමේ අවදානමක
20.07.2018 මන්නාරම සමූහ මිනීවළ: මළ සිරුරු ගණන පනහ දක්වා ඉහළට
27.07.2018 මන්නාරම සමූහ මිනීවළ: අස්ථි කොටස්වල 'අසාමාන්‍ය, තියුණු කැපුම් සලකුණු'
31.07.2018 වැඩිහිටියකු ළඟින් වැළලූ දරුවකුගේ සිරුරක් මන්නාරම සමූහ මිනීවළේ
09.08.2018 මන්නාරම සමූහ මිනීවල මාධ්‍යවේදීන්ට තහනම්
28.08.2018 මන්නාරම සමූහ මිනීවළ: මළ සිරුරු සංඛ්‍යාව 100 ඉක්මවයි
08.09.2018 මන්නාරම සමුහ මිනීවළ පිළිබඳ තොරතුරු ලබාදීම නිසි බලධාරියෙක් යටතට