JDS Sinhala

Killed media workers

2009 දී ඝාතනය වූ මාධ්‍යවේදීන්

Intro | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010


නම: ලසන්ත වික්‍රමතුංග
වෘත්තිය:  මාධ්‍යවේදී
ඝාතනයට ලක් වූ දිනය: 2009 ජනවාරි 09 දින කොළඹ දී

පසුබිම් තතු: සතිපතා ඉංග්‍රිසි පුවත්පතක් වන 'ද සන්ඩේ ලීඩර්' හි ආරම්භක ප්‍රධාන කතෘවරයා ය. යතුරුපැදි වලින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් අට දෙනෙකු විසින් ඔහු ගමන් කරමින් සිටි වාහනයේ මග අවුරා එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඝාතනය කරන ලදී. කොළඹ අධි ආරක්ෂිත කලාපයක් සේ නම් කරනු ලැබ ඇති රත්මලාන මිලිටරි ගුවන් තොටුපල හා ගුවන් හමුදා මූලස්ථානය නුදුරේ කලබලකාරී අතුරු මාර්ගයක මහ දහවලෙහි මෙකී ඝාතනය සිදු විය. 


නම: පුන්නියමූර්ති සත්‍තියමූර්ති
වෘත්තිය:  මාධ්‍යවේදී
ඝාතනයට ලක් වූ දිනය:  2009 පෙබරවාරි 12 දින මුලෛතිව් තේවිපුරම් හිදී

පසුබිම් තතු: 'ඊළනාදම්', 'වෙල්ලිනාදම්', 'ඊළමුරසු' හා 'වෙලිච්චම්' ඇතුළු දෙමළ ප්‍රකාශන රැසකට හා දෙමළ ගුවන්විදුලි නාලිකාවන් කිහිපයකටම නිරන්තර වෘත්තීය දායකත්වය සැපයූවෙකි. ආණ්ඩුව විසින් නම් කරන ලද ආරක්ෂිත කලාපය තුළ දී ශ්‍රී ලංකා හමුදාවන්ගේ ෂෙල් ප්‍රහාරයන්ට ලක්වීමෙන් නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් වේදනා විඳ, මරණයට පත්ව තිබේ.


නම: සසී මදන්
වෘත්තිය: මාධ්‍ය සේවක 
ඝාතනයට ලක් වූ දිනය:  2009 මාර්තු 05 දින  මුලෛතිව් හිදී

පසුබිම් තතු: වන්නියේ පළ වූ දිනපතා 'ඊළනාදම්' පත්‍රයෙහි හි මුලෛතිව් ප්‍රදේශයේ බෙදාහැරීම් කටයුතුවල නිරත විය. ඉරනප්පාලෛ ප්‍රදේශය තුළ පුවත්පත බෙදා හරිමින් සිටියදී ඝාතනයට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා හමුදාවන්ගේ මෝටාර් ෂෙල් ප්‍රහාරයකිනි.


නම: මහලිංගම් මහේස්වරන්
වෘත්තිය:  මාධ්‍ය සේවක /  මාධ්‍යවේදී
ඝාතනයට ලක් වූ දිනය: 2009 මාර්තු 13  දින මු‍ලෛතිව් හිදී

පසුබිම් තතු: 'ඊළනාදම්' පුවත්පතෙහි මු‍ලෛතිව් දිස්ත්‍රික්කයේ බෙදාහැරීම් සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ ඔහු එම පුවත්පතෙහිම වාර්තාකරුවෙකු වශයෙන්ද කටයුතු කළේය. ශ්‍රී ලංකා හමුදාවන්ගේ මෝටාර් ෂෙල් ප්‍රහාරයක් මඟින් ඝාතනය කෙරුණේ පොක්කනෛ හිදීය.


නම: ඇන්ටන්
වෘත්තිය: මාධ්‍ය සේවක
ඝාතනයට ලක් වූ දිනය:  2009 මාර්තු  මු‍ලෛතිව් හිදී (දිනය අවිනිශ්චිතය)

පසුබිම් තතු: 'ඊළනාදම්' පුවත්පත බෙදාහරින්නෙකු ලෙස කටයුතු කරන ලදී. ඉරනප්පාලෛ ප්‍රදේශයෙහි පුවත්පත බෙදා හරිමින් සිටියදී ඝාතනයට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා හමුදාවන් ගේ මෝටාර් ෂෙල් ප්‍රහාරයකිනි. යුද්ධයේ අවසාන දින කීපය තුළ ඔහුගේ පවුලේ සියලු දෙනා ඝාතනයට ලක්ව ඇති බව වාර්තා වේ.


නම: රාජ්කුමාර් ඩෙන්සි
වෘත්තිය:  මාධ්‍ය සේවක
ඝාතනයට ලක් වූ දිනය: 2009 අප්‍රේල් 09 දින මුලෛතිව් හිදී

පසුබිම් තතු: 'ඊළනාදම්' පුවත්පත හා සම්බන්ධ පරිඝණක ග්‍රැෆික් නිර්මාණකරුවෙකු ලෙස කටයුතු කරන ලදී. ශ්‍රී ලංකා හමුදා ෂෙල් ප්‍රහාරයකින් පොක්කනෛ ප්‍රදේශයේ හිදී ස්වකීය සැමියා  සමඟ ජීවිතක්‍ෂයට පත් විය. 


නම: ජෙයරාජා සුසිදරන් (සුගන්දන්)
වෘත්තිය:  මාධ්‍ය සේවක
ඝාතනයට ලක් වූ දිනය: 2009 අප්‍රේල් 25 දින මුලෛතිව් හිදී.

පසුබිම් තතු: 'ඊළනාදම්' පුවත්පෙතහි මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවෙකු වශයෙන් සේවය කළේය. ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්නයිපර් ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූයේ වලෛඥර්මඩම් හිදීය.


නම: මාරියප්පු අන්තෝනිකුමාර්
වෘත්තිය: මාධ්‍ය සේවක /  මාධ්‍යවේදී
ඝාතනයට ලක් වූ දිනය: 2009 මැයි 14 දින  මු‍ලෛතිව් හිදී

පසුබිම් තතු: පුවත්පත් බෙදාහරින්නෙකු හා ගබඩා පාලකෙයකු ලෙස කටයුතු කිරීමට අමතරව, දිනපතා  'ඊළනාදම්' පුවත්පතෙහි ප්‍රවෘත්ති වාර්තාකරුවෙකු ලෙස සේවය කරන ලදී. යුද්ධය අවසානය තෙක්ම දිවිරැක ගත් නමුදු සැඟවී සිටි ආරක්‍ෂණ බංකර‍යෙන් තවත් මාධ්‍ය සේවකයෙකු සමග පිටතට පැමිණීමට උත්සාහ කිරීමේදී හමුදාවේ ආර්.පී.ජී. ප්‍රහාරයකට හසුව මුල්ලිවෛක්කාල් හිදී ඝාතනයට ලක්විය.


නම: තුරෛසිංහම් දර්ශන්
වෘත්තිය:  මාධ්‍ය සේවක
ඝාතනයට ලක් වූ දිනය: 2009 මැයි 14 දින  මුලෛතිව් හිදී

පසුබිම් තතු: වන්නියේ පළ වූ 'ඊළනාදම්' පුවත්පත හා සම්බන්ධව පරිඝණක ග්‍රැෆික් නිර්මාණකරුවෙකු ලෙස කටයුතු කළේය. යුද්ධය අවසානය තෙක් ම දිවිරැක ගත් නමුදු සැඟවී සිටි ආරක්‍ෂණ බංකරෙයන් තවත් මාධ්‍ය සේවකයෙකු වූ මාරියප්පු අන්තෝනිකුමාර් සමග  පිටතට පැමිණෙද්දී ශ්‍රී ලංකා යුද හමුදාවේ ආර්.පී.ජී. ප්‍රහාරයකට හසුව මුල්ලිවෛක්කාල් හිදී ඝාතනයට ලක්විය.


නම: ඉසෛප්‍රියා (ශෝභා)
වෘත්තිය:  මාධ්‍යවේදී
ඝාතනයට ලක් වූ දිනය: 2009 මැයි 18 දින මුලෛතිව් හිදී

පසුබිම් තතු: විමුක්ති කොටි සංවිධානයට අයත් රූපවාහිනී මධ්‍යස්ථානයේ නිවේදිකාවක් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස කටයුතු කරන ලදී. යුද්ධයේ අවසාන දින කිහිපය තුළ ශ්‍රී ලංකා හමුදාවන්ට භාර වූ බවට වීඩියෝ සහ ඡායාරූපමය සාක්‍ෂි මගින් සනාථ වී තිබේ. අදාළ ඡායාරූපමය සාක්ෂි මගින් හෙළිව ඇත්තේ ඝාතනය කිරීමට පෙර ඇය ලිංගික බලහත්කාරකම් සහ හිංසනයන්ට ගොදුරුව ඇති බවකි. 


නම: තිරුකුලසිංහම් තවබාලන්
වෘත්තිය:  මාධ්‍යවේදී / දේශපාලන ක්‍රියාකාරික
ඝාතනයට ලක් වූ දිනය: 2009 මැයි මුලෛතිව් හිදී (දිනය අවිනිශ්චිතය) 

පසුබිම් තතු: විමුක්ති කොටි සංවිධානයට අයත් 'කොටි හඬ' ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහන් ප්‍රධානියා වූ ඔහු විශිෂ්ඨ ඡායාරූප ශිල්පියෙකු වශයෙන් ප්‍රසිද්ධව සිටියේය. යුද්ධය අවසානයේ ශ්‍රී ලංකා හමුදාවන්ට භාර වීමෙන් අනතුරුව, ඝාතනයට ලක්වී ඇති බැව් විශ්වාස කෙරේ. ඔහුගේ ජීවිතයේ අවසාන මොහොත පිළිබඳ තහවුරු කරගත හැකි තොරතුරු මේ වනවතුරුත් ලැබී නොමැත.

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.