JDS Sinhala

Killed media workers

2006 දී ඝාතනය වූ මාධ්‍යවේදීන්

Intro | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010


නම: සුබ්‍රමනියම් සුගීර්දරාජන්
වෘත්තිය: මාධ්‍යවේදී
ඝාතනයට ලක්වූ දිනය:  2006 ජනවාරි 24 දින ත්‍රීකුණාමලයේ දී

පසුබිම් තතු: 'සුඩර් ඔලි' පුවත්පතෙහි ත්‍රිකුණාමල වාර්තාකරු ලෙස කටයුතු කරන ලදී. 2006 ජනවාරි 02 වෙනි දා ත්‍රිකුණාමලයේ දී සිසුන් පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමට රජයේ ආරක්ෂක හමුදාවේ ඇති සම්බන්ධය හෙලිදරව් කරන ලද්දේ ඔහු විසිනි. අදාළ අනාවරණය සිදුකොට දෙසතියක් ඇතුළත වෙඩි තබා මරා දැමුණි.


නම: එස්. ටී. ගනනාදන්
වෘත්තිය:  යාපනයේ දෙමළ පුවත් සහ තොරතුරු ආයතනයේ අනුශාසක
ඝාතනයට ලක් වූ දිනය: 2006 පෙබරවාරි 01 දින යාපනයේ දී

පසුබිම් තතු: යාපනයේ අරියාලෛ හි මාම්පලම් මංසන්ධියේ පිහිටි ආණ්ඩුවේ  හමුදා කඳවුර ප්‍රත්‍යන්තයේ වෙඩි තබා ඝාතනය කරනු ලැබුණි. 

නම: බැස්ටියන් ජෝර්ජ් සගයදාස් (සුරේෂ්)
වෘත්තිය:  මාධ්‍ය සේවක
ඝාතනයට ලක් වූ දිනය:  2006 මැයි 03 දින යාපනයේ දී

පසුබිම් තතු:  යාපනයේ දිනපතා 'උදයන්' පුවත්පතෙහි බෙදාහැරීම් කළමනාකරු ලෙස කටයුතු කරන ලදී. ජගත් මාධ්‍ය නිදහස් දිනයේදී  'උදයන්' පුවත්පත් කාර්‍යාලයට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පුද්ගලයින් පස්දෙනෙකු විසින් කාර්‍යාලය තළ සිටියවුන්ට එල්ල කළ වෙඩි වර්ෂාවකට මැදිව සුරේෂ් සහ තවත් සේවකයෙකු ඝාතනයට ලක් වූහ. මෙම සන්නද්ධ පිරිස ආණ්ඩුවේ අනුග්‍රහ ලබන අතුරු හමුදා කණ්ඩායමක් වන ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ සාමාජිකයින් බැව් විශ්වාස කෙරේ. 

නම: රාජරත්නම් රන්ජිත් කුමාර්
වෘත්තිය :  මාධ්‍ය සේවක
ඝාතනයට ලක් වූ දිනය: 2006 මැයි 03 දින යාපනයේ දී

පසුබිම් තතු:  යාපනයේ දිනපතා 'උදයන්' පුවත්පතෙහි බෙදාහැරීම් අධීක්ෂකයෙකු ලෙස කටයුතු කරන ලදී. ජගත් මාධ්‍ය නිදහස් දිනයේදී  'උදයන්' පුවත්පත් කාර්‍යාලයට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පුද්ගලයින් පස්දෙනෙකු විසින් කාර්‍යාලය තළ සිටියවුන්ට එල්ල කළ වෙඩි වර්ෂාවකට මැදිව, රන්ජිත් කුමාර් සහ තවත් සේවකයෙකු ඝාතනයට ලක් වූහ. මෙම සන්නද්ධ පිරිස ආණ්ඩුවේ අනුග්‍රහ ලබන අතුරු හමුදා කණ්ඩායමක් වන ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ සාමාජිකයින් බැව් විශ්වාස කෙරේ. 

නම: සම්පත් ලක්මාල් ද සිල්වා
වෘත්තිය:  මාධ්‍යවේදී
ඝාතනයට ලක් වූ දිනය: 2006 ජූලි 02 කොළඹ දී

පසුබිම් තතු: ස්වාධීන යුද වාර්තාකරුවෙකු ලෙස  'ඉරුදින', 'ලක්බිම' සහ 'සත්දින' ඇතුළු සිංහල පුවත්පත් කිහිපයක සේවය කර ඇත. නිවසින් පිටතට කැඳවා එතැන දීම වෙඩිතබා ඝාතනය කර ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට  සම්බන්ධ පිරිසක් විසින් මගින් බවට සැක කෙරේ.

නම: මරියදාසන් මනෝජන්රාජ්
වෘත්තිය:  මාධ්‍ය සේවක
ඝාතනයට ලක් වූ දිනය: 2006 ජූලි 27 දින යාපනයේ දී

පසුබිම් තතු:  'යාල් තිනක්කුරල්' සහ 'වීරකේසරී' යන දෙමළ පුවත්පත්වල යාපනය ප්‍රදේශයේ බෙදාහරින්නා ලෙස කටයුතු කරන ලදී. පුවත්පත් රැගෙන යෑමට පැමිණි අතරතුරේ දී ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකට හසුවීමෙන් ජීවිතක්‍ෂයට පත් විය.

නම: සතාසිවම් බාස්කරන්
වෘත්තිය:  මාධ්‍ය සේවක
ඝාතනයට ලක් වූ දිනය: 2006 අගෝස්තු 15 දින යාපනයේ දී

පසුබිම් තතු:  'උදයන්' පුවත්පතට අනුබද්ධ පුවත්පත් නියෝජිතවරයෙකු සහ බෙදාහැරීම් භාර රියැදුරෙකු ලෙස කටයුතු කරන ලදී. යාපනයේ අච්චුවේලි හි පුත්තූර් මංසන්ධියේදී ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් විසින් ඔහු ගමන් කළ වෑන් රථයට වෙඩිතබා ඝාතනය කරනු ලැබුණි.

නම: සින්නතම්බි සිවමහරාජා
වෘත්තිය :  මාධ්‍ය ආයතන හිමිකරු
ඝාතනයට ලක් වූ දිනය: 2006 අගෝස්තු 20 දින යාපනයේ දී

පසුබිම් තතු: යාපනයේ “නමදු ඊළනාඩු” දිනපතා දෙමළ පුවත්පතෙහි කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකා යුද හමුදාවේ පාලනයට යටත් යාපනයේ තෙලිප්පලෛ අධි ආරක්ෂිත කලාපය තුළ පිහිටි ඔහුගේ නිවසේදී ම වෙඩිතබා ඝාතනය කරන ලදී.

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.