JDS Sinhala

Killed media workers

2004 දී ඝාතනය වූ මාධ්‍යවේදීන්

Intro | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010




නම: අයියතුරෛ නඩේසන්
වෘත්තිය: මාධ්‍යවේදී
ඝාතනයට ලක් වූ දිනය: 2004 මැයි 31 දින මඩකළපුවේදී

පසුබිම් තතු: ශ්‍රී ලංකා දෙමළ මාධ්‍ය සන්ධානයේ උප සභාපතිවරයා වූ ඔහු වීරකේසරී පුවත්පතෙහි තීරු ලිපි සම්පදකයෙකි. 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානයේ 2005 වාර්තාවට අනුව, ඝාතනය සිදුකරන ලද්දේ ආණ්ඩුවේ අනුග්‍රහ යටතේ කරුණා අම්මාන් විසින් මෙහෙය වූ අතුරු හමුදා කණ්ඩායම විසිනි.

නම: කන්දසාමි අයියර් බාලනඩරාජා
වෘත්තිය: මාධ්‍යවේදී / දේශපාලන ක්‍රියාකරු
ඝාතනයට ලක් වූ දිනය: 2004 අගෝස්තු 16 දින කොළඹ දී

පසුබිම් තතු: ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ (EPDP) නිල පුවත්පත වන 'තිනමුරසු' පත්‍රයට සම්බන්ධව කටයුතු කිරීමට අමතරව, එකී කණ්ඩායමේ මාධ්‍ය ලේකම්වරයා ලෙසද කටයුතු කළේය. ඔහු ඝතානය කළ තුවක්කුකරුවන් විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයින් බැව් පිළිගැනේ.

නම: ලංකා ජයසුන්දර
වෘත්තිය: මාධ්‍යවේදී
ඝාතනයට ලක් වූ දිනය: 2004 දෙසැම්බර් 11 දින කොළඹ දී

පසුබිම් තතු: විජය පුවත්පත සමාගමට අනුබද්ධ ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කළේය. කොළඹ, පැරණි තුරඟ තරඟ පිටියෙහි ඉන්දියානු කලා ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් පැවැති ප්‍රසංග වේදකාවකට එල්ල වූ අත් බෝම්බ ප්‍රහාරයකට හසුව මරණයට පත් විය. ප්‍රහාරය පිළිබඳ චෝදනා එල්ල ව ඇත්තේ දක්‍ෂිණාංශික දේශපාලන කණ්ඩායමක් වන 'ජාතික හෙළ උරුමය' වෙත ය.


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.