ම්යුගේ සැමරුම් සුවඳක
- Last Updated on 01 May 2017
සීත මීදුම් තිරපට
ලිහි ලිහී විසිරෙන
රිදී නිම්නය ඇහැරෙයි
ම්යුගේ* සැමරුම් සුවඳට.....
වසන්තය එන බව
සීනුව ගසා කීවද
නිහතමානී සුවඳින්
හිස පහත් කරගෙන....
'මැයි පළමු දා' දවසක
ඇයි ඔය දෑත් බැඳගෙන
එන්න අත් විහිදන්
ම්යුගේ මුකුටය තුරුළට...
සිලිටි පත් හැඳගත්
වසන්ත දසන් මැදගත්
කිනිති සුද ඉහිරන
මේ මල් කළඹ ඔබට ය
අත් හැරලන්න බැරියෙන්
ආදරය සමරමු...................
තෙත්බර සිලිටි මල් පෙති
නෙත් පියන් යට අහුරමු.
මංජුල වෙඩිවර්ධන
© JDS
* (ඉංග්රීසියෙන් 'ලිලී ඔෆ් ද වැලී' ලෙස මෙන්ම 'මේ ලිලී' සහ 'මේ බෙල්ස්' ලෙසින්ද හැදින්වෙන 'ම්යුගේ' මල, ෆ්රන්සයේ මැයි පළමුදා සැමරුම් මල ලෙස යොදා ගැනේ.)