ගෙතුළ නිශ්ශබ්ද ය
- Post 26 October 2018

හදිසියේ අහස කඩාගෙන වැටුණි
නිල් තල්මසු න්ද, කොකටුවන් ද
දැන් ගෙතුළ ය
සාලය පුරා සීතලට වතුර ගලන
නිල් තල්මසුන් පුටු සෙටිය යට ලගින
කොකටුවන් යුවළ එකට තුරුළුව
මැද කාමරයේ කිළිටි කූඩය උඩ
වලාකුළක කොටසක් අම්මාගේ ඇඳ කෙලවරක
'මියෑව්' හඬ සමඟ 'සිවිලිම් ඛන්නා'
වලාකුළට කොට්ටා අතින් පහර දෙන....
අම්මා නිදන පිටුපස කාමරය මැද
දේවතා එළි කීපයක් නිවි නිවී දැල්වෙන
තවම කිසිවකු මිනිස් හඬක් නොනඟන
ගෙතුළ එතරම්ම නිශ්ශබ්ද ය
නිල් තල්මසකුට පවා කැළැඹිය නොහැකි තරමට
ඉතිං අම්මාත් - අයියාත් විරසක ය
ගෙතුළ නිශ්ශබ්ද ය

කාංචනා අමිලානි කරුණාමුනි
© JDS





