බිඳෙන සුළු හදවත
- Post 26 September 2018

ආලයේ ආමන්ත්‍රණයෙන්
තුවාල වූ හදවතකට
හළා හල විෂ වන විශ්මිත සූත්‍රය
ඔබ මුවෙහි විය..
අස්වැසුම්කාරී බවක් නොමැත!
හුදෙකලා රොන් සුණෙහි වුව,
සතුරුකාරී බවම මිස
ගුප්තමය අතුරුදන් වීම් පමණක්ම
අණ කරනු ලබන..
බිඳෙන සුළු වීදුරුවන්
හදවතකට
සැර වැඩිය නුඹේ
හී සර
කරුණාකර ප්‍රවේසම් වන්න
බිදී යා හැකිය එය
එකවර!
නදී වාසළමුදලිආරච්චි
© JDS





