ඔෆීලියා
- Post 05 September 2018

ගස...,
අද අනවැසිය විහිදන්නට අතු
මෙතරම් ඈතට
ඔබේ සෙවනැල්ලේ දිග පළල
හොඳටම ඇති එක් අයකුට
ගස...,
කුරුල්ලන් කියන ඕපාදුප නොඅසනු
වරද කාගේදැයි නොසොයනු
හිත හැදෙන කතා නොකියනු
ගස...,
ඈ කැමතිම ගවුම මතක් කරවන
කහ මල්පෙති නොසලනු
එක මලක් පමණක්
සුළං අතකට දෙනු
ඈ ගිලුණු තැන
ගං දියේ පාකර හරින්නට
තරින්ද්‍ර ගලහේන
© JDS





