කැමැත්ත නම් අන්න එහෙමයි
- Post 17 July 2018

වස්සානෙ සීතලයි තමයි
ඒත් ඒ වෙනත් සීතලක්
මේ තාම දැනෙන්නේ
හේමන්තෙ සීතල....
අන්න ඒකයි මං
ෆෝසිතියා මලක් වෙන්නට කැමති...
මල් අතර
මට මාව හොයාගන්නත් බැරි
මල් අතර
මට කිසිම විශේෂයකුත් නැති
කහට නැති කහපැහැය මිස
අන් කිසිත් පැහැ හඳුනන්නෙවත් නැති
ෆෝසීතියා මලක් වෙන එක
හිතටත් සැහැල්ලුයි
වස්සානෙ
වස්සාන සීතලත් එක්කම
අයිතිකරුවන්ට ම බාර දී
බැස යන්න පුළුවන් අත්තෙන් ඉත්තෙන්
මේ කියන සීතලට මැද්දෙන්
මංජුල වෙඩිවර්ධන
© JDS





