JDS Sinhala

නියුස් නදිය

ටයිරී ඩේ, ඇමරිකානු කවියෙකි. ද්වී මාසිකව පළවන ඇමරිකානු කාව්‍ය විවරණ සඟරාව (American Poetry Review) හා හොනික්මාන් පදනම විසින් පළමු කාව්‍ය කෘතිය සඳහා වාර්ෂිකව ප්‍රදානය කරන APR / Honickman ඇගයුම් සම්මානය 2017 වසරේදී පිරිනැමුණේ ඔහු විසින් රචිත 'නදී ගීතිකා' (River Hymns) කෘතියට ය.

පරිවර්තනය: චන්දන කීර්ති බණ්ඩාර



ගංඉවුරට තනිව නොයන්නැයි
උන්ට කියාපන්න.

උරිස්සට උඩින් නොබලා
දිය බීමට පුළුවන්
කොතැනින්දැයි
උන්ට කියාපන්න.

ගිලී මියයාම
අවදානම් ලැයිස්තුවේ
තුන්වැනි තැනට
වැටී ඇති බව
උන්ට කියාපන්න.

පළමුව, දිගා වන්න
දෙවනුව, මෙහි වරෙන්න
මා බෞතීස්ම කළ
ජලය පවා
සුරක්ෂිත නැත.

දෙවියන් වහන්සේ පිරිමියකු බව
මම දැන සිටියෙමි.

මන්ද,
ඔහු මරියාගේ බඩට දරුවකු දුන්නේ
ඇගේ අවසර නැතිව ය.

 

ටයිරී ඩේ


© JDS

(ඩිජිටල් සිතුවම: සිරිල් රොලන්ඩෝගේ 'Catharsis' සිතුවමෙහි සිව්වැනි අධියර - pinterest.com)


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.