JDS Sinhala

ඉඟිකරන ඉරි කමිස

 

ඟි කරන්නට එපා ඉරි කමිස!
හෙම්බත්ව දුම් බැඳුන,
වැරැහැල්ලක් වෙලා හිත,
අම්බානක කේන්තියි,
පුම්බගෙන වැහි හලන අහසත් එක්ක,
ඉතුරු රුපියල් හතරට,
හැංගිමුත්තං කරනත'ර කොන්දොස්තර,
දැන් ඉතින් ඔබ ඔය කියන්නේ,
හයිලෙවල් පාර මැද
මල් පිපෙන්නට පුළුවන් බවද?

බස් සිංදුවල කඨෝරම ස්වර ඇනෙන,
කර්ණපට හා පටල තිගැස්මෙන,
බොස් කියන්නේ කෙටි යෙදුමක්,
භ්‍රාන්තියකට; දුස් ස්වප්න වුව තැතිගැනෙන,
ඉතින් තව ඉඟි කරන්නට එපා ඉරි කමිස,
අතැති රන් විලංගුව දැක දැකම!

කපුටු කූඩයක් තියනකොට ඉහ උඩ,
ඔය වගේ අබලන් හීනත් ඉතා හැඩ,
අපි ඉන්නෙ ගිනිපෙට්ටි නගරෙක,
ගිනි තියාගෙන දුවනකොට උදේ හිට,
'රතු රෝස' කියන්නෙත් ඇවිලෙන ගිනිදළුවලට,
පිච්චෙනකම්ම ඔබටත් මටත් තේරුම්ගන්න බැරුවට!

 

යශෝධා සම්මානි ප්‍රේමරත්න


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.