ශම්බුක* ඝාතනය
- Last Updated on 08 February 2016

චන්ද්‍රමෝහන් සත්‍යනාදන් කේරළයේ තරුණ දලිත් කවියෙකි. ඔහු ඉංගිරිසියෙන් ලියන දලිත් කවියන් අතළොස්සෙන් කෙනෙකි. ඔහුගේ කවි දේශපාලනික සංකේතයන්ගෙන් හා සාහිත්‍යමය අලංකාරිකයන්ගෙන් පණ ලබයි. එමගින් ඔහු අද්‍යතන දේශපාලනය කියවා ගැනිමට කාව්‍යමය කවුළුවක් තනයි. ඇෆ්‍රො - අමෙරිකානු කවියෙක් වූ ඒබෙල් මීරොපොල්ගේ ‘අමුතු ඵලය‘ (Strange Fruit - 1937) නම් කවියෙන් ආභාෂය ලබා ලියන ලද මෙම කවියේ නිමිත්ත ඉන්දියාවේ උසස් අධ්‍යාපන ආයතනයන්හි සිදුවන දලිත්-බහුජන සිසුවන් ගේ සියදිවි නසා ගැනීම් ය. මෑතකදී සිදු වූ විමුල රෝහිත් ගේ මරණය විසින් මේ කවිය ඇවුලුණි. | පරිවර්තනය - හෂිත අබේවර්ධන
ජිම් ක්‍රෝ** බෙදා වෙන්කළ
නේවාසිකාගාර සැල තුළ
වියන් පංකාවල
උඩ ඵල ගනී අමුතු ඵල
පොත් උඩ ලේ
කොළ උඩ ලේ
කළු පාට සිරුරක් සැලෙයි
ගොළු නිහැඬියාවක..
අමුතු ඵල එල්ලේ
තිසුලවියක තුඩේ...
චන්ද්‍රමෝහන් සත්‍යනාදන්
© JDS
*ශම්බුක යනු රාමායන, උත්තරකාණ්ඩයේ එන ශුද්‍ර -කුලහීන- තපස්වීවරයෙකි. රාමා විසින් ඔහුව ධර්මය රකිනු පිණිස හිස ගසා දමනු ලැබිණි
** ජිම් ක්‍රෝ යනු කළු අමෙරිකානුවන් වෙන්කළ නීතියට යෙදුනු ව්‍යවහාර නාමයකි





