නොවැම්බරයක අවසන් නොකළ කවියක්
- Post 11 December 2015

ඇද වැටුණ සමනලුන්
තුරුලු කරගෙන අඬන
කොත්මලා දියවැල
සීරුවට පනින
සමමිතික පාලම
කෑ ගසයි
බර අඩි වලින් රිදුණ....
කඩුපුල් මලක පෙති මත
කදුළු බිඳුවක් තියන
අමාවක රාත්‍රිය
කෙතරම්ම අසරණ ද.....?
මවු දෙරණ අහස් තුඩු මත
දෙදරුම් කෑ දිනෙක
බුද්ධ පාත්‍රය ගිලිහිණ
බුද්ධාංකුර මඩලින....
වන මූකලානේ එපිට
හූමිටි තියන අමාවක රාත්‍රිය
සද මියැදුණු හෝරාවට
හබයාස්කෝපුස් සාක්කිකරුවෙක් ය.
නොමළ ගෙයකින්
සොයන සුණුසැට
කිසාගෝතමියනි තවම
සම්බ නොවුණි ද......?
ප්‍රභාත් එම්. අහංගමගේ
© JDS





