අරුත් සඟවන කරදහි
- Last Updated on 25 August 2015

හසුන පෙරළා
ඇතුළ කියවා බැලීමි
පමාවට එබැවින්
සමාවක් නොයදිමි
නිහඬ බස ඇසෙන කවියෙකුට
පිළිතුරු නොලියාම ලියමි
අකුරු අමුනා නොමැති තැන
අරුත සඟවා එවමි
හිස්ම හිස් සුදු හිස් තැනක
පාට හඳුනාගත හැකිද
ජීවිතේ හැම රිදුම් සඟවන
හදවතක දුකබර
එහෙත් ඒ
කිසිත් නැති හිස්තැන
තමයි ආදරය උපදින
එකම තැන
නො ලියවුණු
කවි ලියවෙන
නො ඇඳි
සිතුවම ඇඳෙන
මට නුඹව
හමුවෙන
මම නුඹව
හඳුනන

වරුණ සාවින්ද
© JDS





