චන්ද්‍රබෝස් සුදාහර්
- Last Updated on 15 June 2015

හඳ වුණත්
බිය යි කළුවර රෑට
හෙණ අකුණු
ගිනි පිඹින
බක් මහක .
උල් පොරෝ
දත් අගින්
තරු කඩාගෙන
කෑව
මර සෙනඟ ,
වව්නියා මව් ළමැද
හපා කා
නසාලූ
කිරි කඳුළ .
හඳ වුණත්
බිය යි කළුවර රෑට
අරුණු උදයක
නැඟුණු
කටහඬක ,
බැඳුනු යදමෙහි
අගුළු බිඳි
අතක ,
මළගමක
මතකයට .
විජය නන්දන පෙරේරා
© JDS
* සටහන - දෙමළ නව පරපුරේ කවියා ලෙස විරුදාවලී ලත් වව්නියාවේ චන්ද්‍රබෝස් සුදාහර් දකුණේ සිංහලෝත්තමවාදී ධනපති අතුරු මැර හමුදා විසින් 2007 අප්‍රේල් 16 වැනි දින පැහැරගෙන ගොස් අත් පා කඩා දැමීමෙන් අනතුරුව මරා දමනු ලැබී ය.





