මා බිඳුණු කටහඬ
- Last Updated on 09 May 2015
ඇතැම්විට අට වසරකට පෙර අප්‍රේල් මාසයක ඒ ඉරණම්කාරී රාත්‍රිය උදා නොවිණි නම් චන්‍ද්‍රබෝස් සුදාහර් දෙමළ නව කවි පරම්පරාවේ දැවැන්තයෙකු සේ මතුව එන්නට ඉඩ තිබිණ. 1975 ඉපිද අනේක විධ දුක් ගැහැට විඳ කවිමගට පිළිපන් ඔහු 2007 අප්‍රේල් 16 වැනිදා වවුනියාවේ දී සිය අට හැවිරිදි දරුවා ඉදිරිපිට පහර දී දෙපා බිඳ වෙඩි තබා ඝාතනය කරන විට මාධ්‍යකරුවෙකු වශයෙන්ද, නිර්මාණාත්මක ලේඛකයෙකු වශයෙන්ද ජනාදරය දිනා සිටියේය. වන්නියේත්, ඉන් බැහැරත්, විදේශයන්හිත් පළ වූ ප්‍රකාශන රැසක් ඔහුගේ රමණීය නිර්මාණ කෞශල්‍යය පිළිබඳ දෙස් දෙයි. මරා දැමෙන විට වවුනියාවේ සිට 'නිලම්' ත්‍රෛමාසික වාර ප්‍රකාශනය සංස්කරණයෙන් පළ කළ බෝස් විසින් ලියන ලද මේ කව, බොහෝ විට සිංහලට නැගෙන ඔහුගේ පළමු නිර්මාණය වීමට ද ඉඩ තිබේ.
නගන්නට මා කටහඬ
ඉඩ දෙනුව මා හට
විසින් නුඹේ උස් ස්වරය
සිඳලූයෙන් මා බොටුව
නුඹේ පා ලකුණු යට
මගේ කටහඬ සිර ව
වියැකි ගොස් ඇත
එසේ වුව සෑම විටෙකම
මට මා ලෙස ම දිවි ගෙවනු
ඇවැසි විය
තාරුකාවෝ අහසේ
බිඳි බිඳී විසිරේ
නුඹ කොවින් බිරුසන් දේ
පස් තට්ටු බිඳ පොළොවේ
බිජුවට නැගී එන අතරේ
නොනැවතී නුඹ ප්‍රලය වේ.
විලියෙන් උපන් නුඹ ගැන
මා හිස පහළට ම බර වේ.
ඉඩ දෙව අවම තරමින්
එකම එක් වරක් වුව
නගන්නට පැනයක් යමෙකු හට
දොඩන්නට වදනක්
ඔවුන් හදපත්ළෙන් නැගී එන
මා හට ද ඇවැසිය
බිඳුණු සරෙකින්
ගයන්නට ගීයක්
ළසෝ පෙම් ගීයක්
චන්ද්‍රබෝස් සුදාහර්
© JDS
පරිවර්තනය: අජිත් සී. හේරත්