JDS Sinhala

ඔබයි හෙනයක් වගේ - පිපුරුවේ...


(මාතලේ සමූහ මිනී වල 88-89 කාලයේදැයි සැකයක් - පුවතක්)

ගිනි ගහන මධ්‍යහන් වේලාවේ
ඔබයි හෙනයක් වගේ -පිපුරුවේ....

රස්නෙට බියව මුවාවට සපැමිණ
සීත නිෂ්පාදිත - නිල මැදිරියට,

ටයි ගැටය මඳක් පහත් කර
හුස්මක් ගත්තා විතරමයි....

ඔබයි හෙනයක් වගේ - පිපුරුවේ...

උණු වෙන හදවත සමඟ
මතක ධාතුවද
දියවැඩියාව සමඟින්ම
ඉවත පහ කර සිටි මම....

නිම නොවන හිස රදයට
පෙනඩෝල් බොන්න යන විටදීම,

ඔබයි හෙනයක් වගේ - පිපුරුවේ...




ප්‍රින්ස් සේනාධීර


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.