ජින්
- Last Updated on 03 March 2015

ලන්ඩන් ජින් සමඟ මුසුවුණ
ටොනික් වතුරකි බුබුළුලන
වීදුරුව දාරේ ඇමිණුණ
ලෙමන් පලුවකි හිනැහෙන...
පෙරළ පෙරළා කැලැන්ඩර කොළ
පැඟිරි සුවඳකි මතක අවුලන
උගුරු දණ්ඩේ බිත්ති තෙමමින්
ලෙමන් ජින් බඩ පපුව පුච්චන...
.
.
.
.
කණාටුම පොල් ගසක, හෙවණක
වෙරළ ඉම එක් ගල් තලාවෙක
බාගෙ ඇස්කොට් බෝතලය මුල
කඩල ගොට්ටකි මගේ තනියට...
බ්‍රිස්ටල් සැරට කහිමින්
අමුවෙන්ම භාවනා කරමින්
ඈත යන නැව් දිහා බලමින්
කඩල ඇට පීරුවා සිහියෙන්...
දිය රැලි බිඳෙන සද්දෙට
ඇතුළත සද්ද බිඳුණද
ළඟ ළඟ නවා ජින් විත
කන්දීමි ඇතුළතම සද්දෙට...
.
.
.
.
ලන්ඩන් ජින් සමඟ මුසුවුණ
රැස් ගිය ටොනික් වතුරක
අයිස් පොත්තකි පාවෙන
ලෙමන් පෙත්තකි කිමිදෙන...
නිරාෂ ගුණසේකර
© JDS





