පලා යමි ඈතින් ඈතට
- Last Updated on 30 January 2015

එළියෙන්. අන්ධ වූ විට දෑස
දැන ගනි අඳුර කොතරම්
හොඳද යන වග,
පලා යමි ඈතට. ඈතට. ඈතට.
සැඟවෙමි අඳුරු වන ගුල්මක
සොයා ගනු නොහැකි වනු
පිණිස ලෝකයට
ගල් දෙබොක්කාවෙ පොඩි සිදුරකින්
වෑස්සෙන සුදු පාට ඉර එළියට ඇදෙන
දුහුවිලි අංශු දෙස බලමී,
අදිමි තව දුම් උගුරක් අවසන්
සිගරට්ටුවෙන්.
පෙනෙන ලෝකයේ
නොපෙනෙන
රෝමානිතික අංශු
වපුරමි. අඳුරේම.
හිරු බැස යයි. සඳ නැග එයි.
සඳ බැස යයි. හිරු නැග එයි.
කාලය. කාලය. කාලය. කාලය.
ඊයේ කවදා ද. අද කවදා ද. හෙට කවදා ද.
වැඩියෙන්ම සිනාසෙමි.
වැඩියෙන්ම අඬමි.
අඩුවෙන්ම සිතමි.
එළිය යනු පෙනෙන දෙයද?
අඳුර යනු නොපෙනෙන දෙයද?
පෙනෙන දේ හොඳද - නොපෙනෙන දේ නරකද.
නොපෙනෙන දේ හොඳද - පෙනෙන දේ නරකද.
හඹා යමි සුලඟ
ඉව කරමි ආත්මය
දරා ගනු බැරිම තැන
බිම තබමි සිත.
ඒ තරම් බරයි සිත
සිත තරම් උසයි නුඹ.
පැමිණ ගිරි මුදුනට
බලමි ලෝකය දෙස
දැල්වෙයි ගිනි හැම තැන.
අළුව යන්නට පෙර නගරය
බිඳක් හෝ ඉතිරි වේ නම්
තෙතමනය.
චතුර අශාන්
© JDS





