JDS Sinhala

පලා යමි ඈතින් ඈතට

ළියෙන්. අන්ධ වූ විට දෑස
දැන ගනි අඳුර කොතරම්
හොඳද යන වග,

පලා යමි ඈතට. ඈතට. ඈතට.
සැඟවෙමි අඳුරු වන ගුල්මක
සොයා ගනු නොහැකි වනු
පිණිස ලෝකයට

ගල් දෙබොක්කාවෙ පොඩි සිදුරකින්
වෑස්සෙන සුදු පාට ඉර එළියට ඇදෙන
දුහුවිලි අංශු දෙස බලමී,

අදිමි තව දුම් උගුරක් අවසන්
සිගරට්ටුවෙන්.

පෙනෙන ලෝකයේ
නොපෙනෙන
රෝමානිතික අංශු
වපුරමි. අඳුරේම.

හිරු බැස යයි. සඳ නැග එයි.
සඳ  බැස යයි. හිරු නැග එයි.
කාලය. කාලය. කාලය. කාලය.

ඊයේ කවදා ද. අද කවදා ද. හෙට කවදා ද.

වැඩියෙන්ම සිනාසෙමි.
වැඩියෙන්ම අඬමි.
අඩුවෙන්ම සිතමි.

එළිය යනු පෙනෙන දෙයද?
අඳුර යනු නොපෙනෙන දෙයද?

පෙනෙන දේ හොඳද - නොපෙනෙන දේ නරකද.
නොපෙනෙන දේ හොඳද - පෙනෙන දේ නරකද.

හඹා යමි සුලඟ
ඉව කරමි ආත්මය
දරා ගනු බැරිම තැන
බිම තබමි සිත.

ඒ තරම් බරයි සිත
සිත තරම් උසයි නුඹ.

පැමිණ ගිරි මුදුනට
බලමි ලෝකය දෙස
දැල්වෙයි ගිනි හැම තැන.
අළුව යන්නට පෙර නගරය
බිඳක් හෝ ඉතිරි වේ නම්
තෙතමනය.

 

චතුර අශාන්


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.