ආකාසයෙන් පිටුවක්
- Post 15 January 2015

දහක් ගී තැනු පසුවත්
"ම්...ම් " ගගා බිඳි බිඳී තියෙන්නැති
මාස්ටර් කේමදාසගෙ දෙතොලේ
කිසිම දින ගීයකට නොනැගුණු
එකට එක්කහු නොවුණු තනුවක්
භීෂණය පිරි රැයකදී වුව
හිතෙන්නත් පුලුවන්- මකුළුවන් දහසකින් එකෙකුට
ඉරුණු තටු ඇති සමනලුන්ගෙන්
එකෙකු වෙත හෝ ගොතා දෙන්නට
මකුළු දැලකින් අලුත් තටුවක්
කළු වුණත් සුදු වුණත්
හැම වලාකුළකම තියෙන්නේ
අපට හෙමිහිට කියවගන්නට
ආකාසයෙන් පිටුවක්
ඔබෙන් අවසන් වරට අසනෙමි
එක්කො නො අසා නික්ම යන්නෙමි
පරාගනයට නොරිසි මලකින්
හමා එන්නට බැරිද පුසුඹක්.......
රුවන් බන්දුජීව
© JDS





