JDS Sinhala

රජයේ හමුදා අත්පත් කරගත් ඉඩම් ඉල්ලා සාම්පූර් යුද අනාතයෝ උද්ඝෝෂණයේ

ජයේ හමුදා අත්පත් කරගත් තම ඉඩම් යළි ලබා දෙන ලෙස ඉල්ලා සාම්පුර් යුද අනාථයෝ උද්ඝෝෂණයක නිරත වූහ. ත්‍රිකුණාමලයේ කිලිවෙඩ්ඩි යුද අනාථ කඳවුරු ප්‍රධාන ප්‍රවේශ දොරටුව අසළට අඟහරුවාදා (17) එක්වූ ඔවුන් උද්ඝෝෂණයේ නියැලෙමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ සිය නිවෙස්වලට නැවත යාමට ඉඩ සලසා දෙන ලෙස ය.

2006 දී පලවා හරින ලද කිලිවෙඩ්ඩි, පද්දීතිදාල් , මාන්ත්චේනෙයි සහ කට්ටපරිච්චාන් ගම් වැසියන් 12,000කට නොඅඩු පිරිසකට හිමි අක්කර 5000ක භූමි පුමාණයක් රජය විසින් විශේෂ ජනාධිපති ගැසට් නිවේදනයක් මගින් අධි ආරක්‍ෂක කලාපයක් යටතට පවරා ගැනීම හේතුවෙත් අවතැන් වූවන්ගෙන් බහුතරයක් තවමත් රැඳී සිටිනුයේ යුද අනාථ කඳවුරු තාවකාලික ය.

'ආණ්ඩු වෙනසකට ඡන්දය දුන්නා'

"අපි ආණ්ඩු වෙනසක් වෙනුවෙන් ජන්දය දුන්නේ නැවත අපේ ගෙවල් දොරවල්වලට යන්න බලා ගෙන. ඒත් ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙලේ අපේ ප්‍රශ්න එකකටවත් විසදුම් නැහැ" කිලිවෙඩ්ඩි කඳවුරේ උද්ඝෝෂකයෝ පවසති.

තමන්ට පෙරළා ගම්බිම්වලට යාමේ අයිතියට අමතරව දැනට නාවික හමුදාව අත්පත් කරගෙන ඔවුන්ගේ කඳවුරක් ලෙස පවත්වා ගෙන යන සාම්පුර් මහා විද්‍යාලය යළි විවෘත කරන ලෙසත්, යුද ගැටුම්වලදී විනාශයට පත් සාම්පුර් හින්දු කෝවිල නැවත ගොඩනගන ලෙසත් ඔව්හු රජයෙන් ඉල්ලා සිටියහ.

3000කට වැඩි පිරිසක්

යුද මෙහෙයුම් මගින් උන්හිටි තැන් අහිමි කළ ගම්වාසීන්ගෙන් 45%ක් කෘෂි කර්මාන්තයෙන් ජීවිකාව ගෙනගිය අතර රජය විසින් පවරා ගන්නා ලද සම්පූර්ණ භූමි ප්‍රමාණය යටතට ගැණුනු අක්කර 2500ක්ම කුඹුරු ඉඩම් ය. ඉතිරි ජනයාගෙන් 35%ක් ධීවර කර්මාන්තයෙන් යැපෙන්නෝ වූහ. නමුත් 2007 නොවැම්බරයේදී එවකට ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්‍ෂ ප්‍රකාශ කරන ලද්දේ සාම්පූර් ප්‍රදේශයේ ඇති ඉඩම් හා නිවාස සඳහා වන නීත්‍යානුකූල අයිතිය ඔප්පු කිරීමට එහි ජීවත් වූ බව කියන පවුල් අසමත්ව ඇති බවයි.

ඉඩම් පවරාගැනීම හේතුවෙන් උන් හිටි තැන් අහිමිවූවන්ට පවුල් 950කට අයත් 3000කට වැඩි පිරිසක් අයත් වේ.

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.