JDS Sinhala

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව චක්‍රලේඛයට එරෙහිව ගුරු - සිසු විරෝධතා

ව රජයේ අධ්‍යාපනය  ප්‍රතිපත්තියට අනුව මින් පසු විදුහල්පතිවරුන්ට, ආදී ශිෂ්‍ය සංගම් හා පාසල් සංවර්ධන සමිතිවලට මුදල් හා ආධාර එකතු කිරීම තහනම් කරමින් පාසැලේ අත්‍යාවශ්‍ය වියදම් පියවා ගැනීම වෙනුවෙන් පමණක් මුදල් එකතු කල හැකි බව චක්‍ර ලේඛයක් මගින්  අධ්‍යාපන අමාත්‍යාංශය  නියෝග කොට ඇත.

අවිවිශිබම විරෝධය

2015.01.29 දිනැති අංක 05/2015 දරණ චක්‍ර ලේඛනයේ දැක්වෙන්නේ යම් පාසැලක  අත්‍යාවශ්‍ය වියදම් පියවා ගැනීම වෙනුවෙන් මුදල් එකතු කිරිමට විදුහල්පතිවරයාට බලය ඇති බවය‍. විදුහල්පතිවරයාගේ අනුමැතිය මත  කුවිතාන්සයක් නිකුත් කොට එකී අත්‍යාවශ්‍ය වියදම් පියවා ගැනීමට මුදල් එකතු කළ හැකි වන්නේය. ඒ අනුව පාසැල් පහසුකම් සහ සේවා ගාස්තු , විදුලි බිල පත් ගෙවීම්, දුරකතන බිල්පත් ගෙවීම් සහ පාසැලේ ආරක්‍ෂක කටයුතු සඳහා මුදල් එකතු කළ හැකි වන්නේය. එසේ අත්‍යාවශ්‍ය වියදම් සඳහා මුදල් එකතු කිරිමේදි ඒසඳහා වැය වෙන මුදල ඇස්තමේන්තු ගත කොට, රේඛීය අමාත්‍යාංශයෙන් හෝ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයන් වෙතින් ලැබීමට නියමිත මුදල් ප්‍රමාණය පුරෝකතනය කොට යම් මුල්‍ය පරතරයක් ඇතිවන්නේ නම් එය පියවා ගැනීම සඳහා අවශ්‍ය වන මුදල පාසැලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් බෙදා එක් සිසුවකු ගෙවිය යුතු මුදල ගණනය කළ යුතු වන්නේය. තවද එසේ කිරිමේදි අදාළ ව්‍යාපෘති වාර්තාවට රේඛීය අමාත්‍යාංශයෙන් හෝ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ලබා ගත යුතුවන්නේය.

මෙම  මුදල් එකතු කිරිමේ ක්‍රමවේදය පිළිබඳව නිවේදනයක් නිකුත් කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කරනුයේ මෙමගින් නැවත වතාවක් සිදුවනුයේ පාසැල් අධ්‍යාපනය සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරිමට නි‍ළ වශයෙන් අනුමැතිය පාසැල් වෙත ලබා දීම බවයි. එසේම අදාළ චක්‍ර ලේඛයෙහි අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම ලෙස නම් කොට තිබීම මගින්ම පෙන්නුම් කෙරෙනුයේ අධ්‍යාපන බලධාරීන්ට ස්වකීය අභිමතය මත මුදල් එකතු කිරීමට අනුබල දීමත් එසේම ඔවුන් විසින් කරනු ලබන එම ක්‍රියාව යුක්ති සහගත කිරීමත් බවය.

'චක්‍රලේඛය නාමිකයි'

කෙසේ වෙතත් නව රජයේ ප්‍රථම (අතුරු) අය වැය ලේඛණය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක ප්‍රකාශ කරනු ලැබුවේ නව රජය අධ්‍යාපනය සඳහා දළ දේශිය නිෂ්පාදනයෙන් 6% දක්වා පියවරෙන් පියවර වැඩි කරන බවය.

මේ පිළිබඳව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු JDS වෙත කියා සිටියේ මෙකී චක‍්‍රලේඛය හුදෙක් නාමික චක‍්‍රලේඛයක් පමණක් බවත්, මේ දිනවල විශාල වශයෙන් විවිධ දේ සඳහා පාසල්වල මුදල් එකතු කරමින් සිටියත් මේ මුදල් එකතු කිරීම් නතර කිරීමට කිසිදු ප‍්‍රායෝගික පියවරක්  ගෙන නැති බවත් ය. 

"චක‍්‍රලේඛයක් නිකුත් කළ පමණින් පාසල්වල මුදල් එකතු කිරීම නතර වෙන්නෙ නෑ. පාසල්වල ජල බිල, විදුලි බිල, ආරක්ෂක වියදම් සිසුන්ගෙන් අය කරන්න කියලා මේ චක‍්‍රලේඛයේ පැහැදිලිව ම තිබෙනවා. පාසල් කියන්නෙත් රජයේ ආයතන. අනෙකුත් සෑම රාජ්‍ය ආයතනයකම ජලය, විදුලිය, ආරක්ෂාව ආදිය සඳහා රජයෙන් මුදල් වෙන් කරනවා. පාසල්වල විතරක් සිසුන්ගේ දෙමාපියන්ගෙන් මුදල් අය කිරීම තහවුරු කරලා චක‍්‍රලේඛ නිකුත් කිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ආණ්ඩුව අධ්‍යාපනයට 6%  ක් වෙන් කිරීම ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා බව පැවසුවත් එය ප‍්‍රායෝගිකව කිරීමට කිසිදු පියවරක් නොගන්නා බවයි," ඔහු වැඩිදුරටත් කීය‍.☐

©  JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.