
- 26 January 2015
මං තනන්නා
මේ මග කොයිබටද
කිසිදිනක නොමදැන
මං තනන්නා නුඹය.
රථ රෝදයට යටව
වැළි කැටය නඟන හඬ
අසා සිටින්නා නුඹය.
කළු තාර වත්කෙරෙන
ගල් රෝලයේ බර හිස දරන

- 23 January 2015
වසන්තයේ පළමු මල
සිසිරයේ දවසක
කලාතුරකින් කෙනෙකු යන එන
කැලෑබද මංකඩක
පනු කපුටු ගිජු ඇසට වැසෙමින්
දිමි කුහුඹු තියුණු තුඩු ඇනෙමින්
ගිලාන ව
මලානික පැහැයෙන්
වසන්තයෙ පළමු මල

- 17 January 2015
ඉපැරණිම ඒ නැවතුම
දුටිම් සුහදිනි හවසක
කඩා ඇත බස් නැවතුම;
අළුත් උයනක පැහැයට
නොපෑහුණු එම නිවහන
බොහෝ ඉපැරණි දවසක
නුඹව හමුවුණු හවසක
හදේ ගැඹුරක නැවතුණ

- 13 January 2015
පෙරළූ නැවුම් පස
කපාලය මත රැඳි තෙතැ'ති පස
පින්සලයකින් පිස දැමෙයි.
බොහෝ කලකට පෙර
මහා බියකරු රැයකදි
මරා වළ දැමුණු සිහිනය
දිරා ගිය ඇටකැබැලි ලෙස මතුවෙයි.
ඒ ඔබේ අවසාන කඳුළු බිඳ උරා ගත් පස්ය.

- 20 January 2015
ඒ දැරිය, කිවිඳිය
කුරුලු හඬකින් හිනැහී නැගිටපන් කිව්වට
ප්‍රීතිමත් හඬක් නොවේ ඔරලෝසුව උදේට
හිරිවැටුන අත් වලින් කූරු ගානකොට
කවියක් වුනත් දියවෙයි උණු තේකක.
බත් බඳින කොට හැමදාම උදේට
ආදරේ තියන්න හිතුවත් පැත්තකින් ටික ටික
පරිස්සම් කර තැබූ හින්දද කොහෙද

- 15 January 2015
ආකාසයෙන් පිටුවක්
දහක් ගී තැනු පසුවත්
"ම්...ම් " ගගා බිඳි බිඳී තියෙන්නැති
මාස්ටර් කේමදාසගෙ දෙතොලේ
කිසිම දින ගීයකට නොනැගුණු
එකට එක්කහු නොවුණු තනුවක්
භීෂණය පිරි රැයකදී වුව
හිතෙන්නත් පුලුවන්- මකුළුවන් දහසකින්

- 07 January 2015
අම්මා සහ යාපනය
හිතේ දුක
ගිනිතියාගෙන මැරුණු අම්මේ
හිටියනම් උඹයි අද
යාපනය බදාගෙන හඬන්නේ
සියලූ නිංගිරහ විඳගෙන
අම්මේ උඹ කිරි දුන්නේ
මගෙ අතපය