
- 27 May 2015
පරාජිතයන්ගේ ගීතය
විජයග්‍රාහකයාගේ ගීතය
දසතින් නැගී එයි.
එහි උත්කර්ෂය කෙළපිඩක් මෙන්
අප මුහුණු මත පතිත වෙයි.
එහෙත් ඔවුහු තාමත් භීතියෙනි.
මක් නිසාද යත් යුක්ති සහගත බවේ සන්නාහය
ඔවුන් සතුව නොමැති බැවිනි

- 06 May 2015
මා බිඳුණු කටහඬ
නගන්නට මා කටහඬ
ඉඩ දෙනුව මා හට
විසින් නුඹේ උස් ස්වරය
සිඳලූයෙන් මා බොටුව
නුඹේ පා ලකුණු යට
මගේ කටහඬ සිර ව
වියැකි ගොස් ඇත
එසේ වුව සෑම විටෙකම

- 21 April 2015
අඳුරගන්නම බැරි අඳුරක
අඳුරට
මං කැමති
කවි කැලැත්තෙන හින්දයි
අඳුරගන්නම බැරි.
ගන්න ඔය
කවි රොඩුබොඩු
අහකට

- 06 April 2015
ගර්භාෂයක පාළුව
හීනිම හුළඟකට වුව
අවදිවෙන නාටු මල් ගස
කවුළුවට සන්කොට
බිඳී කළු සුදු සිහින ලොව.
ලේ සිඳුණු සඳ පළුවක්
තාරුකා දෙක තුනක් හතරක්
වලාකුළකින් කොටසක්

- 28 April 2015
ඉතින් නික්මිය හැකිය
වසන්තය මැද වුවද
ඉතින් කම් නැත සොඳුර
නුඹට රිසි නම් නික්ම ගිය හැකිය...
ඉවුර අස උණ පඳුරු
නුඹ ව විමසිය හැකිය;
උද්‍යාන බංකුවට
අපව සිහිවිය හැකිය

- 15 April 2015
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ
ඉපැරැණි පාළු දෙවොළක
වර නැගෙයි ප්‍රේමය
හුරු අත් නුහුරු කර
නුහුරු අත් හුරු කර
දවා හද සඳුන් දර
වඳී ඔබ ඔබෙ පිළිරුව