JDS Sinhala

1971 අප්‍රේල්: බ්‍රිතාන්‍ය, චීන, ඇමරිකානු හා සෝවියට් අවි තොග ලංකාවට ගොඩබායි - III

ඉන්දු උපමහාද්වීපික කලාපය සසළවා ලූ සමාජ පිපිරීමක් සේ සැළකුණු 1971 අප්‍රේල් කැරැල්ලෙන් පස් මාසයක් ඇතුළත බ්‍රිතාන්‍යයේ වාමාංශික ශාස්ත්‍රඥයකු වූ ෆ්‍රෙඩ් හැලිඩේ විසින් ලියන ලද The Ceylonese Insurrection නැමති මුල් ලිපිය පළමුවෙන් පලවූයේ.........

1971 අප්‍රේල්: හමුදා සෙබළු, කැළණි ගංගාවේ පාවූ තරුණ මළසිරුරු පුලුස්සා දමති - II

පිළිතුරු වශයෙන් ආණ්ඩුව කරන ලද්දේ පැරණි එජාප ආණ්ඩුව විසින්ම ගොතන ලද පරණ චෝදනාවන්ම යළිත් එල්ල කිරීමයි. ශ්‍රීලනිප, ලසසප  සහ සෝවියට් හිතවාදී කොමියුනිස්ට් පක්ෂය විසින් එක හඬින් ප්‍රකාශ කළ ආකාරයට අනුව ජවිපෙ "සීඅයිඒ ඒජන්තයන්".....

ධර්මරත්නම් සිවරාම්: 'අප්පා මියගියේ ඔහු වඩාත් පෙම්කළ යුක්තිය පිළිබඳ සටනේදී ය'

අපේ තාත්තාගේ මරණයෙන් 15 වැනි අනුස්මරණය මේ වසරට යෙදෙන අතර අද දක්වාත් ඔහුගේ මරණයට කිසිවකු වැරදිකරු ලෙස දඬුවම් ලබා නැත. මේ පිළිබඳව අපි විස්මයට පත් නොවෙමු. අපගේ පවුලේ පිරිස් ඒ පිළිබඳ යුක්තියක් නොසොයති. රාජ්‍ය ප්‍රචාරණයට..........

අර්ධද්වීපයේ සාගිනි සංග්‍රාමය: රාසයියා පාර්තීපන් ගැන චරිතාපදාන සටහනක්

තිස් දෑ අවුරුද්දකට කලින් සැප්තැම්බර් 26 වැනිදාවක, යාපනයේ නල්ලූර් කන්දසාමි කෝවිල ප්‍රත්‍යන්තයේ පීඨිකාවක් මත දස දහස් සංඛ්‍යාත දෙමළ ජනයාගේ දෑස් අභියස දී දෙමළ ජන නිදහස පිණිස ඇවිළෙමින් තිබූ ගිනි සිළක් නිවී ගියේය. අර්ධ ද්වීපයේ කැකෑරෙන........

1971 කැරැල්ලෙන් පනස් වසරක්: 'ලංකාවේ බහුජන මුහුණුවර ප්‍රමෝදයේ සිට වියවුල දක්වා' - I

එක් දහස් නමසිය හැටේ සහ හැත්තෑවේ දශකයන් පැරණි විජිතවාදයටත්, නව යටත් විජිතවාදයටත් එරෙහිව ජාතික විමුක්තිකාමයේ සහ සමාජ විප්ලවකාරීත්වයේ වඩදිය ත්‍රෛ මහාද්වීපික කලාපයන් තුළ නැග ආ සමයකි. ප්‍රංශ යටත් විජිතවාදයට එරෙහිව හෝ චී මින්.......

එම්.එන්. රෝයි: 'ලෙනින් කතාවේදී අවංක ද, හැසිරීමේදී මිත්‍රශීලී ද විය'

මනබේන්ද්‍ර නාත් රෝයි (1887-1954) හෙවත් එම්.එන්. රෝයි සුපතල බෙංගාල කොමියුනිස්ට්වාදියෙකි. විසිවන සියවස මුල් දශක දෙක තුළ රුසියානු විප්ලවකාරී නැගිටීම් කේන්ද්‍ර කොටගෙන වර්ධනය වූ ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ වඩාත්ම බලපෑම්.........

'53 හර්තාලය හා පෑලිස් සේරසිංහ: 'මධ්‍යම රාත්‍රී 12ට දුම්රිය කම්කරුවෝත් සටනට බැස්සාහ'

එක්දහස් නවසිය පනස් තුනේ අගෝස්තු හර්තාලයට හැට තුන් වසරක් පිරෙන්නේ අද ය. සටන්කාමී කොළඹ කම්කරු පාංතික ජනකොටස්, ගම්බද දුගී ජනයා සමග අරගලකාරී සන්ධානයකට ගෙන ආ හර්තාල් සටන ගැන ලංකා සම සමාජ පක්ෂයේ මුඛ්‍ය න්‍යායධරයකු.....

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.