
- 08 February 2016
ශම්බුක* ඝාතනය
ජිම් ක්‍රෝ බෙදා වෙන්කළ
නේවාසිකාගාර සැල තුළ
වියන් පංකාවල
උඩ ඵල ගනී අමුතු ඵල
පොත් උඩ ලේ
කොළ උඩ ලේ
කළු පාට සිරුරක් සැලෙයි

- 30 January 2016
ඒ රහස් බැතිමතිය
ඇහේ වැදෙනා කඳු තරම් සාධක
නොදැක්කා සේ හිඳිමි
නේක සාධාරණ තර්කයන්
නෑසූනා සේ හිඳිමි
අවිශ්වාසය පාපී ය!
කෙඳි තරම් ප්‍රේමයේ සළකුණු
පුන පුනා සිහිකරමි

- 26 December 2015
කෙටිකතාව: අවසන් සිරකරුවා
අවසානයේදී එහි ඉතුරු වූයේ ඔහු පමණ ය. අක්කර පහක පමණ බිම් කඩක පැතිර තිබූ එම එළිමහන් දේශපාලන සිර කඳවුරේ විශාල වාට්ටු දොළහම දැන් මුළුමණින්ම වෙන්ව ඇත්තේ ඔහු වෙනුවෙනි. "දැන් ඉතින් තමුසෙට මුළු කඳවුර පුරාම අත පය දිගෑරලා නිදාගන්නපුළුවන්" - අභ්‍යන්තර කම්බි වැට අසළ සිට තම.....

- 11 December 2015
නොවැම්බරයක අවසන් නොකළ කවියක්
ඇද වැටුණ සමනලුන්
තුරුලු කරගෙන අඬන
කොත්මලා දියවැල
සීරුවට පනින
සමමිතික පාලම
කෑ ගසයි
බර අඩි වලින් රිදුණ....
කඩුපුල් මලක පෙති මත....

- 20 January 2016
ඉන්දරේ සහ මාලිනී
එවක දහසය ගෙවුණු අලුත ය
‘ඇපල් වත්තේ’ මාලිනී
බොහෝ ඉඟි බිඟි පිරූ දෑසට
ප්‍රොජෙක්ටරයත් ගැස්සුණී;
ඈත් මඳකට නැවතුණී
රීල් අංකත් පැටලුණී
ඇතැම් කලු - සුදු රූපරාමු ද
එතැන් සිට පැහැ ගැන්වුණී;

- 18 December 2015
හිස්තැනක හිඳ
අවරග ඉතිරි වුණු
අවසාන රන් රේඛාවද
අතකින් පිසදැමූ පසු..
සන්ධ්‍යාව දැන් ඉතින්
අවසන් ය...
සැඳෑ සාදයෙහි අවසන
හිස් වුණු මධු බඳුන් ගෙන

- 05 December 2015
හතලිස් වියැති මනාලිය
අනේ....
බැරිද මට
මේ ඉන්න විදියට
කළු සායකට
පොඩි නිල් මල් වැටුනු
සුදු බ්ලවුස් එක අඳින්න?
මල් පොකුරු ඕනෙමද?