
- 30 December 2016
ගැටවර සිහිනයක සිලිටි පෙති
කොන්ත පන්තියකින්
යාච්ඤාවක් හොරා ගන්නට තතනන
නම නොදන්නා දේවදූතයකුව
මම බලා සිටියෙමි
උදාරම් දෙවුමැදුරේ
තුඟු ද්වාරයට මොබ
රූස්ස කස ගසක රුප්පාවෙහි
ස්වර්ගීය සෙවණැල්ලක

- 22 November 2016
පාර්ටිසාන් ගීතය
ඔවුහු දේශසීමා බිඳිමින් කඩා වදින විට
මා හට යටත්වනවන ලෙස අනතුරු ඇඟවිණි
මට එය කළ නොහැකිය
මම මගේ තුවක්කුව ගෙන අතුරුදන් වීමි.
මම නිරතුරුව මගේ නම වෙනස්කළෙමි
මට මගේ බිරිඳ සහ දරුවන් අහිමි විය
මට සගයන් රැසක් විය

- 28 October 2016
සිංහයාගේ දියණිය
තාත්තේ මම සිංහ සීවලී වුණා නම්
ගල් ලෙනෙන් යන්නැතුව ඉන්නවා,
කවුළුවෙන් එබී ගෙන තාත්තා එනතුරා
හැමදාම හවස්වරු ගෙවනවා.
නින්ද එනකම් රෑට ඔබේ උරහිස් තලේ
හිස හොවා කතන්දර අහනවා,
මහා භයානක සද්ද කැලෑවෙන් ඇහෙනකොට

- 22 August 2016
සොඳුර ඔබ දැන් සුවෙන්ද
ආං අර මල් වෙළෙන්දා
පාංදර මා රිදෙව්වා
හීං මතකය පුරුද්දා
ඌත් කවියක් ඇහින්දා
සොඳුර ඔබ දැන් සුවෙන්ද
අලුත් පාරෙත් ට්‍රැෆික්ද
ආදරේ පැණි ඇබින්ද

- 09 November 2016
‘උපුල්’…ඊළඟ නැවේ….(නො)යන්න…!
වැදෙන තැනකට වැදෙන්නට නොතියා
වැටෙන තැන කලින් දැන
එල්ලය බලා හෙල්ලය හෙලීම,
අධි චෝදනා දහසක
බරපතළ වරදක් ය….!
‘ගඟෙන් වතුර බී මුහුදට ආවැඩුම’
ඔබ නොදන්නවාට

- 18 October 2016
හැමෝටම තමන්ගෙම පෙම් කතාවක් තියෙනවා
කැබ් එකටත් කැස්ස
සීතලෙන් සීරුණා ඒ රිදී පැහැ උදෑසන
උණ ගැනුණු තිත්ත ජීවිතේ
එක තප්පරේකින් වෙනස් වුණ
මගේ ඉරණම් කතාවේ ඇරඹුම එතැන
ඈත හෙලේ ළා ඉර පැකිළෙන විට

- 20 June 2016
මම ශ්‍රී ලාංකිකයෙකු නොවෙමි
ඇවිද යනු වස් මායිමෙන් එපිටට
මා වෙත නිකුත් කර ඇති
ගමන් අවසර පතකි
පලස්තීනුවන් අතැති
ඊශ්‍රායෙල් ගමන් බලපත් මෙනි
මුරකපොලු හරහා යනවිට
මම හැඳුනුම් පත දිගුකරමි