
- 12 February 2015
දිවා උණුහුමට යටව
නගරයේ කුලී කාමරයක
දිවා උණුහුමට යටව
ඔබ හුදකලාව හිඳින කලට
ගිනි උඳුනක් මෙන් දැවෙමින්
වරුසාව අපේක්ෂාවෙන් කවුළුව අසල
කරාමයෙන් ජල බිංදු ගැලවී වැටෙයි
රත් ව ගිය අලුමීනියම් බේසමට

- 08 February 2015
තෛපොංගල් සහ මගේ ගම
වළා කෙඳි පාවෙන
නිල්වන් අහස් කුස...
රෑ කල මුදුන් වීගෙන
ගමට ඉහළින් පායන
කලා පිරි රන් සඳ....
පෙන්න - පෙන්නා දිවා රෑ
පිඬුකොට අනාගත්
උණු බත් මිටෙන් මිට කැවු

- 28 January 2015
හිත - වත...!
දැන්
කිසිත් නැත
ශේෂයකුදු ඉතිරි වී නැත..
නැත..එලෙස නොම වෙත
කිසිත් නැත.
කිසිවක් නැත්තේ ද නැත.
එහෙත් නිදහස් ය හිත
කල්ප කාලයකට පසුව

- 04 February 2015
සන්ධ්‍යාව ගෙවුණි
ගිගුම් දෙන කොළොම් තොට
හැඩක් නැති අහස් කුස
සිරිත් ලෙස අනන්තය හා ගැටුණි
තවත් එක් සැඳෑ වරුවක් සෙමෙන් අමතකව
අළුත් අඳුරක් ළදලු ලා වැඩුණි
රිදුම් දුන් හදක් මාවතේ දුර ඇවිද ගිය
පා ලකුණු වසත් වැස්සෙන් මැකුණි
අතින් ගත් අත් අකුරු බරින් වැඩිවූ බැවින්...

- 30 January 2015
පලා යමි ඈතින් ඈතට
එළියෙන්. අන්ධ වූ විට දෑස
දැන ගනි අඳුර කොතරම්
හොඳද යන වග,
පලා යමි ඈතට.ඈතට.ඈතට.
සැඟවෙමි අඳුරු වන ගුල්මක
සොයා ගනු නොහැකි වනු
පිණීස ලෝකයට