
- 17 July 2018
කැමැත්ත නම් අන්න එහෙමයි
වස්සානෙ සීතලයි තමයි
ඒත් ඒ වෙනත් සීතලක්
මේ තාම දැනෙන්නේ
හේමන්තෙ සීතල....
අන්න ඒකයි මං
ෆෝසිතියා මලක් වෙන්නට කැමති...
මල් අතර

- 10 July 2018
දේශපාලනයක් නොතිබිනි
වෙරළ උද්‍යානය
ගොම්මනෙන් වැසී යන විට
ආයාසයෙන් ඇවිද ආවෙමි
රත්මලානේ නවාතැන වෙත
ක්ෂිතිජයේ විදුලි නැංවූ
නොපැහැදිලි මන්දාරමේ
එක් සුළං රැල්ලක් හෝ

- 18 June 2018
කෙටිකතාව: කබරයා
එළියේ මිනිසුන් කෑ ගසන හඬ ඇසිණ. දහවල වාතය මධ්‍යහ්නයේ දී ගිනියම්ව කැකෑරෙයි. කිසිවෙකු ඇතුළු කාමරයෙන් හිස පොවා බැලීය. ඒ වනවිටත් කබරයා කාර්යාලය තුළට රිංගාගෙන අවසාන ය. ‘‘කබරයෙක් !’’ ඔහු පිටිපස්සට පැන්නේ මාලූවෙකු සේය. අපි කතාබහ නවතා ඇතුළු දොරින් කරපොවා බලන්නට පොර......

- 02 July 2018
ඔබ කැමති දිය; ඔබට
අතහැර දැමුණි
ඒ ළිඳ
බොන්නට නුසුදුසු බව කියමින්
දැන් ඔබ
පිරිසිදුම ජලය පමණක් බොන
දිය සෙවල බැඳි
ළිං කට පවා පිළිකෙව් කරන

- 24 May 2018
කෙටිකතාව: අන්න ඒ දෑස් මන්දාරම
ඇය, උපැස් සඟළේ කළු රාමු අතරේ දෑස් සඟවාලන්නට යත්න දරන විට ඒ බැල්ම බලන්නට ම බැරි තරම් ලස්සන ය. සඟවා ලූ දෑසින් යළි හොරෙන් බලන විට ඒ කැල්ම උහුලන්නට ම බැරි තරම් අවංක ය. ක්ෂුද්‍ර කාය සම්පත්තියකින් යුත් නමුත් සමස්තයක්ව ගත් කල ඇය දැවැන්ත වෘත්තීයමය පෙනුමකින් ආඪ්‍ය ය. ඇගේ..........

- 19 April 2018
ඔබේ නිවසින් පිටත
අර ඈත කන්දක
පහන් දැල්වෙන තැන
ඔබේ නිවසත් තියෙනවාද?
රෑ බතට
කරවල බැදුමක් ඉදෙනවාද?
කිරිකැටි බිළිඳෙක්
තොටිල්ලක ගුලිවී නිදනවාද?