
- 16 April 2018
මහප්පා
සන්සුන් අවධානය
සාවධාන සමාධියකට
මුල පිරී ය
මීදුම් පටල පහව
නීල කොබෝ පියන් ඇරින
ජීවිතයේ සාරම යාය හරහා
සිතුවිලි කිරණ මෝදු කොට
මුතුරාජවෙල හැල අයිනෙන්

- 06 April 2018
මගේ මල පුඬුව, ඔබේ රන් කූඩුව
මූණු, ඇස් අමතක
තොල්, කකුල්, අත් අතර පැටලී
තෙත සෙවල වගුරුවා
ඔක්කාරයට එන විට
කාරා කෙළ ගසා
පිටව එමිඅඳුරු වැට
අඳුරු වැටකේ පඳුරු

- 22 February 2018
මතකය මට කියන්නේ කුමක්ද?
හිම මත
ලිස්සා වැටෙයි
හිමිදිර...
නතරවෙයි අතපය...
ගොළුව යයි කට හඬ...
මම.
මතකය මට කියන්නේ කුමක්ද?

- 08 February 2018
ඒ මැදියම් මොහොත
නව වසක්
නිරිත දිග අහසේ
එකම මල් වැස්සක්
හැර දමා ගම් පියසි
දිළෙයි අග නගරය
අසල්වැසි නිවෙස්නෙහි
මත් බඳුන් පැටලෙන බිඳෙන

- 02 March 2018
නියුස් නදිය
ගං ඉවුරට තනිව නොයන්නැයි
උන්ට කියාපන්න.
උරිස්සට උඩින් නොබලා
දිය බීමට පුළුවන්
කොතැනින්දැයි
උන්ට කියාපන්න.
ගිලී මියයාම

- 02 February 2018
රොහින්ග්යානුවන් හා අප
මාගේ දෙවියනි!
අත් හළෙමි මම මගේ දරුවා
සමා අයැදිය නොහැක ඔබගෙන්
ඉදින් මින්මතු.
දරුවා ඝාතනය කරන්නට
මිනිත්තු තුනකට මත්තෙන්
ඔබ, මගේ අත් කපා දැමී ය.