
- 08 October 2018
සියුම් සංතාප රේඛා
අතුරුදන් දියණියක
මතක පිහි තුඩුවලින්
මවක මුහුණක ඇඳී,
ඒ සියුම් සංතාප රේඛා
පිටුවහල් පුතණුවක
සයුරු හතකින් එහා
මවක මුහුණක අඳී

- 04 October 2018
මයිලිඩ්ඩි මුහුදු තෙර
කරදිය නොවේ ලුණු රස කඳුළු දරන්නී
සුළං වෙනුවට සුසුම් විතරක්ම ගෙනෙන්නී
වෙන්ව ගිය නෑසියන් කොයි කොහේ සොයන්නී
කන්නගි දෙවොල ළඟ ළය පැලී හඬන්නී...
හද පළුව වෙඩි වැදී මිය ඇදුණු රෑ යමෙක
ගෝපුරම ඉතිරි කොට පිපිර ගිය දෙවොල ළඟ

- 26 September 2018
බිඳෙන සුළු හදවත
ආලයේ ආමන්ත්‍රණයෙන්
තුවාල වූ හදවතකට
හලා හල විෂ වන විශ්මිත සූත්‍රය
ඔබ මුවෙහි විය..
අස්වැසුම්කාරී බවක් නොමැත!
හුදෙකලා රොන් සුණෙහි වුව,
සතුරුකාරී බවම මිස

- 19 September 2018
ආවස්ථික පිරිවැය
වලාකුළු සළු ආයෙ අලුතින්
මේ වෙලාවේ ගන්න බෑ
දෙදෙනාම ගියෝතින් සාදයට
දෙදාහක් දී එන්න බෑ
ඒත් නොගිහින් ඉන්න බෑ
එ'නිසා ඔයා යන්න තනිවම
එකම අවසන් විසඳුම
කියා දුන්නා සඳවත

- 23 September 2018
සඳෙන් අඩක් දැනටමත් කා දමා ඇත
කොහේ සිට පැමිණියාදැයි නොදැනිමි
දිනෙන් දින ලියලන
අඳුරු අහුමුලුවල
දස දහස් ගනනින් රත් ඇස්
කුඩා අන්ධකාර කැබලිතිවලට
ලැබී ඇත නලියන පාද...
කාලවර්ණ හමුදාව

- 14 September 2018
ගේ කුරුල්ලා
බිරිඳ රට ගිය
මගෙ මිතුරගෙ
තනි රකින්නට
ඇවිල්ලා
කාමරයටම රිංගලා
කිචි බිචි කියමින්
පාලුව මකනා