- 24 June 2020
හුස්ම හිරවෙන මොහොත
වලාකුළු බිඳකුදු නොමැති තරමට
කඳු මත අහස නිරාවරණය
අලස ගමනින් පියඹන සියොත් කැල
වියැක යයි සාමාන්‍ය දසුනක් මෙන් මිහිදුමෙහි
සෑම වර්ණයක්ම එකට එක්වුණු
කලු පැහැයකි ගන විල්ලුව
ප්‍රකෘතිය වසා දත් විළිස්සන
මිනී කඳුකර පාමුල
- 15 May 2020
තුරුණු මෙනෙවිය
දම්හලේ කෙළවරම බණ අහන සිත් සේ..
තුරුණු මෙනවිය සුදට පිරිපුන්ව දිස්වේ..
කිසිම දිනෙක නොවඳින මා වෙත පැමිණ..
සිටිය උවැසියක් වේ නම් ඇය පමණ..
දහම මී ලෙසින් ගෙන අතුරවමි ඈ සවණ..
තුරුණු මෙනවිය හිඳී අනලස්ව එකලස්ව..
- 06 January 2020
ඒ මතක මව්බිම
සිතියම් පොතක පිටුවක
ගණ ලේ තිතකි සයුරේ
මැදියම් රැයක සිහිනෙක
සසැලී දුකින් ඇහැරේ
සාගිනි සිංහ ජය දද
යට ළතැවුලින් වට වී
නිල්වන් සයුරු රළ මැද
- 26 May 2020
මේ වසංගත කාලය
කළුවර තරමටම නිහඬය නගරය.
මුස්පේන්තු සුළඟක්
මරණය තබයි
මහලු පත්‍ර මත.
ඇඳිරි නීතිය නොසලකයි
අහසද.
සියොතුන්ට සියොතුන් කියන්නේ
- 23 April 2020
මුනුබුරාගේ කවිය
හැම හේමන්තෙට ම පෙර
තුරු
පත් සළනවා තමයි...
ඒත්, තුරුපත් නොවේ ඔබ
කප්පරක් හේමන්ත පසුකර
හැම වසන්තෙ ම හිනැහුණ...
මේ හිම සමේ නො වැටුණ
- 09 September 2019
තරු ඇස් නිවුණු පසු
පපු කුහරයක් ඇතුළත
ඒ වේදනාවට
හැමදාම ලැබුණේ
අන්තිම නරක තැන!
අන්ධකාරේ..
ආකාස ගුහා කැළඹුව
තරු ඇස් මියෙන විට....