JDS Sinhala

ඔබ කැමති දිය; ඔබට

 

අතහැර දැමුණි
ඒ ළිඳ
බොන්නට නුසුදුසු බව කියමින්

දැන් ඔබ
පිරිසිදුම ජලය පමණක් බොන
දිය සෙවල බැඳි
ළිං කට පවා පිළිකෙව් කරන
අත්හැර දැමුවාට පසුව,
ජල තරංග නංවමින් පීනන
මත්ස්‍ය රංචුව නොතකා ගල් කැට හෙළන

එහෙම පෙරළියකින් පසුව
ඔබ පිළිකෙව් කළ ළිඳ
නොතකා යන්නැයි මට බල කෙරෙන
දිය නොබොන්නැයි අවවාද කරන

මේ සියුම්-දිගු විහිලුව
නවතා දමනු යුතුය අප
පිපාසය කොතරම්ද
එතරම්ම දිය බීම යෙහෙකි විට
පිළිකෙව් කළද-නොකළද
මා කැමති දිය මට ද
ඔබ කැමති දිය ඔබට ද

සුදුසු මොහොතක
සුදුසු පරිමාණයෙන්

 

කාංචනා අමිලානි


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.