JDS Sinhala

හුස්ම හිරවෙන මොහොත

 

ලාකුළු බිඳකුදු නොමැති තරමට
කඳු මත අහස නිරාවරණය
අලස ගමනින් පියඹන සියොත් කැළ 
වියැක යයි සාමාන්‍ය දසුනක් මෙන් මිහිදුමෙහි
සෑම වර්ණයක්ම එකට එක්වුණු
කලු පැහැයකි ගන විල්ලුව
ප්‍රකෘතිය වසා දත් විළිස්සන
මිනී කඳුකර පාමුල
මට
හුස්ම ගන්නට නොහැකි ය

හතිය මා පපුතුර දවයි
දාගැබ් බඳු හදවත් පුපුරා වැටෙයි
දුලා නුඹ වත පවා
අන්ධකාරයකින් සඟවයි

තුවක්කුවක් තැබු විට හිසට
හුස්ම හිරවෙන මොහොත
සැබෑ මිනිසෙකුට එදිරිව දිවුරමින්
සැබෑ නොවනා සාක්කි දෙන මොහොත
ගෙල සිරකර දණින්, වැලමිටින්
දෙණ විසි කර දමන මොහොත!

එහෙව් මොහොතක මා බිඳුණු හදවත, මිනිස,
මස් වැදැල්ලකි, ඔබට

 

ශසිකා අමාලි මුණසිංහ


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.