
- 10 February 2015
උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ මාපිය විරෝධතා රැල්ලක්
මහින්ද රාජපක්ෂ පරදවා මෛත්‍රිපාල සිරිසේන බලයට පත්වී මාසයක් ගතවීත් රජය විසින් තම දරුවන් ආපසු බාර නොදීමට විරෝධය පාන උද්ඝෝෂණ මාලාවක් උතුරු නැගෙනහිර පුරා පැතිර යමින් පවතී. රජයේ හමුදා හා අතුරු හමුදා කල්ලි විසින් ගෙන යන ලද තම දරුවන්.....

- 09 February 2015
අතුරුදහන් දරුවන් ඉල්ලා මුලතිවු දෙමාපියෝ උද්ඝෝෂණයේ
රජයේ හමුදා විසින් පැහැර ගන්නා ලද සිය දරුවන් නැවත ලබා දෙන ලෙසත්, චෝදනා නොමැතිව රඳවාගෙන සිටින දරුවන් නිදහස් කරන ලෙසත් ඉල්ලා ආණ්ඩුවට බල කැරෙන උද්ඝෝෂණයක් ඊයේ (08) මුලතිව්හි දී පැවැත්විණි. අතුරුදන් වූවන්ගේ හා දේශපාලන සිරකරුවන්ගේ දෙමාපියෝ, ප්‍රදේශයේ දේශපාලඥයෝ......

- 05 February 2015
නිදහස් දිනයට පෙර දා දෙමළ තරුණයෙකු ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට
ඩුබායි සිට පැමිණි තරුණයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අඟහරුවාදා (03) රාත්‍රියේ රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. විසි නව හැවිරිදි තමෝදරම් බාස්කරන් මඩකලපුව කොක්අඩිචෝලේ පදිංචි එක් දරු පියෙකි. ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි හි රැකියාව..............

- 03 February 2015
ආරක්‍ෂක සේවා විදුහලේ පරිපාලක බ්‍රිගේඩියර් විදුහල්පතිට තර්ජනය කරයි
කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පතිවරයාට එම පාසලේ පරිපාලන අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් නිශාන්ත වඩුගොඩපිටිය පහත් අපහාසාත්මක වදන් භාවිත කරමින් බැන වැදී තර්ජනය කළේය'යි කියන සිද්ධියකට එරෙහිව විදුහලේ ගුරු මණ්ඩලය ඊයේ (02) දහවල් උද්ඝෝෂණයක නිරත වූහ.......

- 06 February 2015
නිදහස් දාට පසුදාත් දෙමළ තරුණයෙක් ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට
මැදපෙරදිග සිට පැමිණි දෙමළ ජාතික තරුණයකු ඊයේ (5) දිනයේ ද කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය කටයුතු කර ඇත. අත් අඩංගුවට ගත් 36 හැවිරිදි කන්දසාමි කරුණානිධි මඩකලපුව මන්කාඩු ප්‍රදේශයේ පදිංචි එක් දරු පියෙකි. කටාර් හි රැකියාව කරමින් සිටින ඔහු කෙටි......

- 03 February 2015
අතුරුදහන් කළ දරුවන් ඉල්ලා කිලිනොච්චියේ මාපිය විරෝධතා
යුද්ධයේ අවසන් දින කිහිපයේදී රජයේ හමුදාවන්ට භාර වූ සිය දරුවන් ඉල්ලා ආණ්ඩුවට බල කැරෙන උද්ඝෝෂණයක් කිලිනොච්චි නගරයේදී ඊයේ (02) පැවැත්විණි. කිලිනොච්චි දිස්ත්‍රික් අතුරුදන්වුවන්ගේ ඥාතීන්ගේ සංවිධානය කැඳවා තිබු මේ උද්ඝෝෂණයට දේශපාලන සිරකරුවන්ගේ ඥාතිහු ද.......

- 02 February 2015
පැහැරගත් දෙමළ තරුණයන් ගැන විමසන්නට නාවික හමුදා නීති අධ්‍යක්‍ෂ උසාවියට
වසර 07කට පමණ ඉහතදී දෙහිවල ප‍්‍රදේශයෙන් පැහැරගනු ලැබ, මෙතෙක් තොරතුරක් නැතිව සිටින දෙමළ තරුණයන් පස්දෙනකු සම්බන්ධ රහස් පොලිස් පරීක්‍ෂණවලට අවශ්‍ය සැකකරුවන් කටඋත්තර ගැනීම සඳහා මේ දක්වා බාරනොදීම සම්බන්ධයෙන්, ලබන...........