Killed media workers

2008 දී ඝාතනය වූ මාධ්‍යවේදීන්

Intro | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010


නම: පරනිරූපසින්හම් තේවකුමාර්
වෘත්තිය: මාධ්‍යවේදී 
ඝාතනයට ලක් වූ දිනය: 2008 මැයි 28 දින යාපනයේ දී

පසුබිම් තතු: 'ශක්ති ටීවී' ආයතයේ යාපනය ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රධානියා මෙන්ම යාපන වාර්තාකරු වශයෙන් කටයුතු කළේය. සේවය නිමවා නිවෙස බලා ගමන් කරන අතරතුරේ දී නාඳනන ආයුධ සන්නද්ධ පිරිසක් විසින් කපා කොටා මරා දමන ලදී.

නම: රස්මි මොහමඩ්
වෘත්තිය:  මාධ්‍යවේදී
ඝාතනයට ලක් වූ දිනය: 2008 ඔක්තෝබර් 06 දින අනුරාධපුරයේ දී

පසුබිම් සටහන්:  'සිරස ටීවී' ආයතනයේ ප්‍රාදේශිය වාර්තාකරුවෙකි. විපක්‍ෂයේ දේශපාලන රැස්වීමක් වාර්තාකරමින් සිටියදී එම ස්ථානයට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ප්‍රහාරයකට හසුව මිය ගියේය. මෙකී ප්‍රහාරය විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයෙකු විසින් සිදුකරන ලද්දක් බවට පිළිගැනේ. 


නම: රාසයියා ජයෙන්තිරන්
වෘත්තිය:  මාධ්‍යවේදී
ඝාතනයට ලක් වූ දිනය:  2008 ඔක්තෝබර් (දිනය අවිනිශ්චිතය) මන්නාරමේ දී

පසුබිම් තතු: දිනපතා 'ඊළනාදම්' පත්‍රයෙහි හිටපු උප කතෘවරයෙකි. මන්නාරමේදී රජයේ ආරක්ෂක හමුදා විසින් රැක සිට එල්ල කළ ප්‍රහාරයකින් ඝාතනයට ලක්විණි. සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා ගැනීම දුෂ්කර ය.