Killed media workers

2005 දී ඝාතනය වූ මාධ්‍යවේදීන්

Intro | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010


නම: ධර්මරත්නම් සිවරාම්
වෘත්තිය: මාධ්‍යවේදී
ඝාතනයට ලක් වූ දිනය: 2005 අප්‍රේල් 28 දින කොළඹ දී

පසුබිම් තතු: 'ටැමිල් නෙට්' වෙබ් අඩවියෙහි ජ්‍යෙෂ්ඨ කර්තෘවරයා ලෙස කටයුතු කළ ඔහු, 'ඩේලි මිරර්' සහ 'වීරකේසරී' පුවත්පත් සඳහා ඉංග්‍රීසි සහ දෙමළ බසින් යුද විශ්ලේෂණ සහ දේශපාලන ලිපි සම්පදානය කළේය. ආයුද සන්නද්ධ පිරිසක් විසින් කොළඹ බම්බලපිටියේදී පැහැරගනු ලද ඔහුගේ වෙඩි වැදුණු සිරුර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට යාබද මාර්ගයක තිබී පසුව සොයා ගැණුනි. ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්ත දෙමළ අතුරු හමුදා කල්ලියක් විසින් ඝාතනය කළ බැව් පිළිගැනේ. 

නම: කන්නමුත්තු අර්සකුමාර්
වෘත්තිය: මාධ්‍ය සේවක
ඝාතනයට ලක් වූ දිනය: 2005 ජූනි 29 දින කල්මුනේ අක්කරෛපත්තු ප්‍රදේශයේ මාතුපොළ දී

පසුබිම් තතු: නැගෙනහිර පළාතේ පුවත්පත් බෙදාහැරීමේ නියෝජිතවරයෙකු ලෙස කටයුතු කරන ලදී. ඝාතනයට පෙර, 'ඊළනාදම්' පුවත්පතෙහි මඩකළපු සංස්කරණය බෙදාහැරීම නවතා දමන ලෙස රජයේ හමුදාවන් හා ක්‍රියාත්මක අතුරු හමුදා කල්ලියක් විසින් ඔහුට මරණීය තර්ජන එල් කොට තිබිණ.

නම: රේලන්ගී සෙල්වරාජා
වෘත්තිය: මාධ්‍යවේදී
ඝාතනයට ලක් වූ දිනය: 2005 අගෝස්තු 12 දින කොළඹ දී

පසුබිම් තතු: රජයේ ගුවන් විදුලි සහ රූපවාහිනී සේවාවන්හි වැඩසටහන් නිවේදිකාවක් ලෙස කටයුතු කළ ඇය , ඇගේ සැමියාද සමග ඝාතනය කෙරුණි. ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ (EPDP) සේවා දායකත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශය කළ 'ඉදය වීණෛ' වැඩස‍ටහනෙහි නිෂ්පාදිකාව ලෙස කටයුතු කළාය. විමුක්ති කොටි සංවිධානය දැඩි ලෙස විවේචනයට ලක්කිරීම සම්බන්ධයෙන් එකී වැඩසටහන ප්‍රකටව තිබූ අතර, ඒ හේතුවෙන් කොටි සංවිධානයේ තුවක්කුකරුවන් විසින් ඝාතනය සිදුකළ බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ. 

නම: ඩේව්ඩ් සෙල්වරත්නම් 
වෘත්තිය: මාධ්‍ය සේවක
ඝාතනයට ලක් වූ දිනය: 2005 අගෝස්තු 29 දින කොළඹ දී

පසුබිම් තතු: ආරක්‍ෂක නිළධාරියෙකු ලෙස 'සුඩර්ඔලි' පුවත්පත් ආයතනයට අනුබද්ධව සේවය කළේය. දෙමළ ජාතිකවාදී දේශපාලනයට පක්‍ෂපාතී පුවත්පතක් වශයෙන් ප්‍රකට මෙම පුවත්පත් කාර්යාලයට එල්ල කළ අත් බෝම්බ පිපිරීමකට හසුව ජීවිතක්‍ෂයට පත් වූ අතර ඒ පිළිබඳ විධිමත් පොලිස් පරීක්‍ෂණ සිදු නොකළ හෙයින් ප්‍රහාරකයින් අනාවරණය වී නැත.

නම: යෝගකුමාර් ක්‍රිශ්ණපිල්ලෛ
වෘත්තිය: මාධ්‍ය සේවක
ඝාතනයට ලක් වූ දිනය: 2005 සැප්තැම්බර් 30 දින මඩකළපුවේ දී

පසුබිම් තතු: ආණ්ඩු පාර්ශ්වයෙන් එල්ල වූ අඛණ්ඩ තර්ජන හා බිය වැද්දීම නොතකා හරිමින්  'ඊළනාදම්' පුවත්පතෙහි මඩකළපු සංස්කරණය බෙදාහරින්නෙකු වශයෙන් කටයුතු කළේය. ඝාතනයට දින කිහිපයකට කලින් පොලිස් අතුරු හමුදා බලඇණියක් වන විශේෂ කාර්ය බලකාය විසින් නැගෙනහිර පළාතේ රජයේ පාලනය යටතේ පැවති ප්‍රදේශ තුළ 'ඊළනාදම්' පුවත්පත බෙදාහැරීම සහ අලෙවියට තහනමක් නිවේදනය කොට තිබිණ.

 

නම: එල්.එම්.ෆලීල් (නට්පිට්ටිමුනෛ ෆලීල්)
වෘත්තිය: ලේඛක
ඝාතනයට ලක් වූ දිනය: 2005 දෙසැම්බර් 02 දින මඩකළපුවේ දී

පසුබිම් තතු: මඩකළපු දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කළ ප්‍රකට දෙමළ ලේඛකයෙකි. නාඳුනන තුවක්කුකරුවෙකු විසින් ඔහුගේ කාර්යාලය තුළදීම වෙඩිතබා ඝාතනය කරනු ලැබිණ.


නම: කේ. නවරත්නම්
වෘත්තිය: මාධ්‍ය සේවක
ඝාතනයට ලක් වූ දිනය: 2005 දෙසැම්බර් 22 දින යාපනයේ දී

පසුබිම් තතු: අර්ධ කාලීන රැකියාවක් වශයෙන් පුවත්පත් බෙදාහැරීමේ නිරතව සිටියේය. දෙමළ පුවත්පතක් වූ 'තිනක්කුරල්' පත්‍රයේ යාපන සංස්කරණය බෙදාහැරීම සඳහා රැගෙනයාමට පැමිණෙමින් සිටිය දී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් ඝාතනය කරන ලදී.