JDS Sinhala

අට සපිරි වැරදුමක්

 

ක්ෂරය අත්හැර පලා ගිය පිල්ලමක්
හෝඩියෙන් විසිවෙලා යන්නැති
ඒ හෝඩියෙන් හැදුණු
අකුරු හතරක වචනෙ
හේතුවක් මග හැරියා වෙන්නැති

ඇස් නොහැර බලන් උඹ ඉසෙප්‍රියා
මේ,
හෝඩියෙන් පටන් ගෙන
විහරණයෙන් විතැන් වුණ
හැඩි වෙච්ච දූපතක් වෙන්නැති

හතර වරිගෙම බණට
කන් දීපු දෙවිවරුන්
බුදු වෙන්න ස්වර්ගයට යන්නැති

නිර්වස්ත්‍ර වන තුරා
පටාචාරාවකට
බුදු බණත් පිහිටකට උන්නැති

කිසා ගෝතමිය නුඹ
පිං අහිමි පිං බිමක
කවුරුත‍්ම අබ මිටක් දුන් නැති

 

තාරිකා තත්සරිණි


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.