චන්ද්‍රබෝස් සුදාහර්

 

ඳ  වුණත්
බිය යි කළුවර රෑට
හෙණ අකුණු
ගිනි පිඹින
බක් මහක .

උල් පොරෝ
දත් අගින්
තරු කඩාගෙන
කෑව
මර සෙනඟ ,
වව්නියා මව් ළමැද
හපා කා
නසාලූ
කිරි කඳුළ .

හඳ  වුණත්
බිය යි  කළුවර  රෑට
අරුණු උදයක
නැඟුණු
කටහඬක ,
බැඳුනු  යදමෙහි
අගුළු  බිඳි
අතක  ,
මළගමක
මතකයට .

 

විජය නන්දන පෙරේරා


© JDS

 

* සටහන - දෙමළ නව පරපුරේ කවියා  ලෙස  විරුදාවලී ලත් වව්නියාවේ  චන්ද්‍රබෝස් සුදාහර්  දකුණේ  සිංහලෝත්තමවාදී  ධනපති අතුරු මැර හමුදා විසින් 2007 අප්‍රේල් 16 වැනි දින පැහැරගෙන ගොස්  අත් පා කඩා දැමීමෙන් අනතුරුව මරා දමනු ලැබී ය.