නතාෂා සහ මම

 

වැ

රෙන් ගසනා 
හඬක් නික්මී
සැලෙමි පැකිලෙමි
රැඳෙමි බියවෙමි
හිත හදාගෙන
නෙත පියාගෙන
සෙමෙන් ගොස් 
දොර අවදි කරනෙමි

අවාරේ පිපි මල් මිටක්
ගෙන
පොඩි නතාෂා හිඳී දොරකඩ
කොතෙක් නම්
ස්තුති කරන්නද
ඇයට මේ සුන්දර උදෑසන

වසා දා දොර
නැවත පැමිණෙමි
මගේ කුටියට
පුරුදු විදියට

මන්ද්‍ර ස්වරයෙන්
ගැයෙන ගීයක්
ඈත අහසේ පාවෙමින්
මල් සුවඳ
ගෙයි ඇවිදිමින් ඇත
සැලුණු හද හඬ
තව නිවී නැත

 

නිල්මිණී සිරිවර්ධන


© JDS