ම්‍යු​ගේ සැමරුම් සුවඳක

 

සීත මීදුම් තිරපට
ලිහි ​ලිහී විසිරෙන
රිදී නිම්නය ඇහැරෙයි
ම්‍යුගේ* සැමරුම්​ සුවඳට.....

වසන්තය එන බව
සීනුව ගසා කීවද
නිහතමානී සුවඳින්
හිස පහත් කරගෙන....

​'​මැයි පළමු දා'​ දවසක
ඇයි ඔය දෑත් බැඳගෙන
එන්න අත් විහිදන්
ම්‍යු​ගේ මුකුටය ​තුරුළට...

සිලිටි පත් හැඳගත්
වසන්ත දසන් මැදගත්
කිනිති සුද ඉහිරන
මේ මල් කළඹ ඔබට ය

අත් හැරලන්න බැරියෙන්
​ආදරය සමරමු...................
තෙත්බර සිලිටි මල් පෙති
නෙත් පියන් යට අහුරමු. ​


 

මංජුල වෙඩිවර්ධන


©  JDS

* (ඉංග්‍රීසියෙන් ​ ​'ලිලී ඔෆ් ද වැලී' ​ලෙස මෙන්ම 'මේ ලිලී' සහ ​'මේ බෙල්ස්' ලෙසින්ද හැදින්වෙන ​'ම්‍යුගේ' මල,​ ෆ්‍රන්සයේ​ ​මැයි පළමුදා ​සැමරුම් මල ලෙස යොදා ගැනේ.)